11 Jan 2017

2017 පාසල් විභාග කාලසටහන මෙන්න


2017 වසර සඳහා පාසල් විභාග කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු මස 8 වැනිදා ආරම්භ වන අතර සැප්තැම්බර් මස 02 වැනිදා දක්වා විභාගය පැවැත්වීමට නියමිතයි.

ඊට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ඔක්තෝබර් මස 20 වැනිදා සිට නොවැම්බර් මස  05 වැනිදා දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

2017 වසරේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 20 වන ඉරිදා දින පැවැත්වීමට නියමිතය.

මේ වසරේ  අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 12 වැනිදා ආරම්භ වන අතර එම මස 21 වැනිදා දක්වා විභාගය පැවැත්වෙන බව සඳහන්ය.

 

එම විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 2018 වසරේ පෙබරවාරි මස 27 වන දින සිට මාර්තු මස 09 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

(0 votes)