10 Jan 2017

තවත් පිල් මාරුවක් අතලඟ: ප්‍රබල ඇමැතිවරු තිදෙනකු ඒකාබද්ධ විපක්‍ෂයට?  


ජනවාරි මාසය අවසන් වීමට පෙර යහපාලන ආණ්ඩුවේ සිටින තවත් ප්‍රබල ඇමැතිවරු තිදෙනකු ආණ්ඩුවෙන් ඉවත් වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පසුව එම ඇමැතිවරු තිදෙනා ඒකාබද්ධ විපක්‍ෂයට එකතුවීමට සූදානමක් පවතින බව ඒකාබද්ධ විපක්‍ෂයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව බස්නාහිර හා දකුණු පළාත් නියෝජනය කරන ඇමැතිවරුන් දෙපළක් හා ජාතික ලැයිස්තුවේ ශ්‍රීලනිප ඇමැතිවරයෙක් එලෙස ඒකාබද්ධ විපක්‍ෂය සමඟ එකතුවීමට සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.

පවතින දේශපාලන ක්‍රමය පිළිබඳව කලකිරී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන් තබා ඇති දැඩි විශ්වාසය මත එම ඇමැතිවරුන් ඒකාබද්ධ විපක්‍ෂයට සම්බන්ධ වීමට තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

Last modified on Wednesday, 11 January 2017 10:46
(0 votes)