10 Jan 2017

2016දී උතුරේ ආරක්ෂාවට මොකද වුණේ? (VIDEO)


අනෙකුත් පළාත්වල අපරාධ සමග සංසන්දනය කර බැලීමේදී උතුරු පළාතේ මීනිමැරුම්, මංකොල්ලකෑම්, ගෙවල් බිඳුම් ඇතුළු අපරාධ සංඛ්‍යාව අවම මට්ටමක පවතින බව උතුරු පළාතේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

ඒෂියන් මිරර් වෙබ් අඩවිය සමග කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව පසුගිය වර්ෂය තුළ හමුදාව හා පොලීසිය එක්ව කළ වැටලීම්වලදී හෙරොයින් ග්රැම් 6597ක්, ගංජා කිලෝ ග්රැම් 2094ක්, නීති විරෝධි මත්පැන් ගෝඩා ලීටර් 89652ක් සොයාගෙන තිබේ.

උතුරේ නීති විරෝධි මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා පොලීසිය හා හමුදාව එක්ව කාර්යක්ෂම මැදිහත්වීමක් සිදු කර ඇති බවත් අනෙක් පළාත්වලට සාපේක්ෂව යාපනය ප්‍රදේශයේ ගෙවල් බිඳුම්, මීනිමැරුම්, මංකොල්ලකෑම් ඇතුළු අපරාධවල පැහැදිලි අඩුවක් ඇති බවත් උතුරු ආණ්ඩුකාරවරයා පැවසී ය.

පසුගිය සමයේ මහා ආන්දෝලනයට තුඩුදුන් ‘ආවා‘ කල්ලිය 35ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් මේවන විට සම්පූර්ණයෙන්ම නතර වී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

ඉදිරියේදී නීති විරෝධි මත්ද්‍රව්‍ය වැටලීම් කඩිනම් කිරීමට ආරක්ෂක අංශ වෙත උපදෙස් දී ඇති බවද රෙජිනෝල්ඩ් කුරේ මහතා අවධාරණය කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Last modified on Tuesday, 10 January 2017 12:23
(0 votes)