September 29, 2021

පාන්දර දියණියත් සමගින් මව ලගට ගියපු නිල්මිණීගේ සංවේදී ජීවිත කතාව

September 14, 2021

අපේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියල කියන්නේ. ඇත්තෙන්ම 1965 වසරේ ජනවාරි මස 23 වැනි දින උපත ලබන ඇයව මේ වෙද්දි ශ්‍රී ලංකාවේ නොදන්න කෙනෙක් නොමැති තරම්. ඇය එතරම්ම ලාංකීය ජනයා අතර ප්‍රසිද්ධයි.

කොහොම නමුත් සිනමා පට රැසකට සිය රංගන දායකත්වය ලබා දෙන ඇය බොහෝදෙනෙකු අතර ජනප්‍රියත්වයට පත්වන්නේ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක ලෙසයි. මේ අතර ඇය රංගනයෙන් දායකත්වය දක්වපු ‘ලේ කිරි කඳුළු’ සිනමාපටය ලාංකිකයන් අතර සීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්වුණා.

ඊට අමතරව ඇය සිය රංගන දායකත්වය ලබාදුන්නු ටෙලිනාට්‍ය කිහිපයක් ලෙස පිටගම්කාරයෝ ,ගිරිකුළ වැනි ටෙලිනාට්‍ය අපට හදුන්වා දෙන්න පුලුවනි. ඉතින් මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය ගැන කියනවානම් ඇය වි,වාහවෙන්නේ කලා ක්ෂේත්‍රය තුළම ජනප්‍රියත්වයට පත් ගායන ශිල්පියෙකු වන මධුමාධව අරවින්දත් සමගයි.

කොහොම නමුත් වර්තමානය වනවිට ඔවුන් දෙදෙනා වෙන්වෙලා ඉන්නේ කියල හැමෝම දන්නවා. ඒ වගේම මේ වෙද්දී මධුමාධව අලුත් ජීවිතයක් පටන් අරගෙන තිබෙනවා. නමුත් නිල්මිණී තාමත් තනියම තමන්ගේ ආදරණීය දියණියත් සමගින් දිවි ගෙවනවා

කොහොමහරි ඉතින් පසුගිය දිනක ප්‍රසිද්ධ වැඩසටහනකට සහභාගී වෙන නිල්මිණි තෙන්නකෝන් මහත්මිය තමන් සිය ජීවිතයේ දරුවා සමගින් තනිවුණු මොහොත පිළිබඳව සංවේදී වෙමින් හෙලිකර සිටියා. ඉතින් දවසක් දා මහ පාන්දර 4.30 ට තමයි ඇය තමන්ගෙ ආදරණීය දියණියත් සමගින් ගෙයින් එළියට බහින්නේ

ඉතින් ඇය මේ ආකාරයේ හදිසි තීරණයක් ගැනීමට පෙළඹෙන්නේ නිරන්තරයෙන්ම මහ පාන්දර පවා ඔවුන් අතර ඇති වූ අ,ඩද,බර නිසාවෙන් බවයි ආරංචි වෙන්නේ. ඉතින් දරුවා බොන කිරි බෝතලේ ඇරගෙන ඇය අවුරුදු දෙකයි මාස දෙකක් වයසැති තමන්ගේ සිඟිති දියණිය සමගින් මහපාරට එන්නේ රෑට ඇඳගෙන හිටපු ඇඳුම පිටින්මයි.

එලෙස මහ රෑ පාරට බහින නිල්මිණි කෙළින්ම දරුවත් අරගෙන යන්නේ තමන්ගේ ආදරණීය මව ගාවටයි. පසුව මධුමාධවගේ කසාද ජීවිතයෙන් වෙන් වෙන ඇය තනි ජීවිතයකට හුරු වෙන්න පටන් ගන්නවා.

කොහොම නමුත් දරුවෙක් තනිවම හදාගන්නා නිල්මිනිට දරුවා වෙනුවෙන් මාසිකව රුපියල් පන්දහක් ගෙවන්න කියලා මධුමාධවට නියෝග කළා. ඉතින් ඒ පිළිබඳව නිල්මිණි අදහස් දක්වලා තිබුනේ මෙලෙසයි ” මම මගේ මගේ දරුවා රුපියල් පන්දාහකට විකුනන්නෙ නැහැ. කියන්න ලැජ්ජයි.

මේ වෙනකම් කිසිම කෙනෙක් කිසිම සතයක් මගේ දරුවාට දීලත් නෑ මම ගන්නෙත් නැහැ.” යනුවෙනුයි. ඒ ආකාරයෙන් තමයි සිය දියණිය වෙනුවෙන් නියමිත වූ ඒ රුපියල් පන්දාහේ මාසික ගෙවීම ප්‍රතික්ෂේප කර තිබෙන්නේ. කෙසේ නමුත් දුක්ඛිත ජීවිතයක් ඔස්සේ හදා වඩාගත් සිය ආදරණීය දියණිය මේ වෙද්දි ලොකු මහත් වෙලා කියලා එයා ආඩම්බරයෙන් සඳහන් කරනවා. ඉතින් ඇගේ ආදරණීය දියණිය තමයි ස්වේතා මන්දාකිණි

කොහොම නමුත් වරක මධුමාධව අරවින්දගේ සහෝදරයා වු ධනංජය සිරිවර්ධන මෙහය වූ ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනකට සහභාගි වන අතර ඒ වැඩසටහන මෙහෙය වූ ධනංජය සිරිවර්ධන අහනවා දුවව රට යවන්න කැමතිද කියලා. ඒ වෙලාවේදි නිල්මිණී තෙන්නකෝන් මහත්මිය ධනංජය සිරිවර්ධනගේ අත සිඹ සංවේදී වෙමින් කියා සිටියේ ඇයගේ ආදරණීය දියණිය ජීවිතයට ඉතාමත් සමීපය මිතුරියන් ලෙස කාලය ගත කරන නිසාවෙන් තමන්ට පුංචි හෝ වෙන්වීමක් දරා ගැනීමට නොහැකි බවයි. ඒ වගේම නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සඳහන් කරන්නේ ස්වේතා කියන්නේ ඇයට කිසි දෙයකින් කරදරයක් කරන දුවක් නෙවෙයි කියලයි.

Rate this item
(4 votes)
Last modified on Tuesday, 14 September 2021 20:25