September 29, 2021

මම අද මෙතන ඉන්නේ මගේ ලොකු අම්මා නිසයි - කඩවසම් නළු යෂ් වීරසිංහ කියන කතාව

September 15, 2021

යාෂ් වීරසිංහ පුංචි තිරයේ වැඩි කතාබහට ලක්ව සිටින චරිතයක්.කඩවසම් නළුවෙක්.ඒ විතරක් නෙවෙයි කලා ක්ෂේත්‍රයට ඥාතීත්වයක් තියෙන කෙනෙක්.

යාෂ්ගේ වීරසිංහ පුංචි තිරයේ වැඩි කතාබහට ලක්ව සිටින චරිතයක්. කඩවසම් නළුවෙක්.ඒ විතරක් නෙවෙයි කලා ක්ෂේත්‍රයට ඥාතීත්වයක් තියෙන කෙනෙක්.

යාෂ්ගේ ලොකු අම්මා ගීතා කාන්ති ජයකොඩි. ඇය තමයි යාෂ්ට කලා ක්ෂේත්‍රයට එක්වන්න මග පෙන්වලා තියෙන්නේ. හඬකැවීම් වලට වගේම තිර පරීක්ෂණ වලටත් සම්බන්ධ කරවලා තිබෙන්නේ ඇයයි.

ඒ නිසා යාෂ් කියන්නේ අද තමා මේ ඉන්න තැනට ආවේ ලොකු අම්මා නිසා බවයි.ඒ ගැන ඇයට පිං දෙන බවත් කියනවා.

"ස්නැප්" නිර්මාණයට දායක වීම තමාගේ ජීවිතයේ ලැබූ සුවිශේෂී අවස්ථාවක් ලෙසයි යාෂ් කියන්නේ.එහි රඟපාන්න ලැබුණු චරිතය ඉතා විශේෂ බව කියන යාෂ් එහි ගෞරවය හිමිවිය යුත්තේ පසිඳු පෙරේරාට සහ විශ්වට බවයි කියන්නේ.එය සම්පූර්ණයෙන්ම තරුණ පරපුරේ අධ්‍යක්ෂණයෙන් තිර පිටපතෙන් කැමරා කැමරාකරණයෙන් නිර්මාණය වූවක් බවයි යාෂ්  පෙන්වා දෙන්නේ.

යාෂ්  මුලින්ම ක්ෂේත්‍රයට පැමිණ තිබෙන්නේ 2015.හඬ කැවීම් ශිල්පියෙක් විදියට.2017 තමයි මුල්ම රංගනයට එකතු වෙලා තිබෙන්නේ.ඒ ආපු ගමන තුළ නිර්මාණ කිහිපයකටත් දායක වී තිබෙනවා.සිය රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂය ලෙස යාශ් පෙන්වා දෙන්නේ "වෙස්"ටෙලි නාට්‍යයේ රඟපෑ චරිතය.

"ඒ චරිතය බොහෝ දෙනෙක් අතරට ගියා.මගේ ජීවිතෙත් ලොකු සිහිනයක් තිබුණා රංගන ශිල්පියෙක් වෙන්න.දැන් මම හිතනවා යම්තාක් දුරකට එතැනට ඇවිත් ඉන්නවා කියලා.ලැබෙන ප්‍රතිචාර එක්ක නිහතමානි ආඩම්බරයක් හිතට දැනෙනවා.මොකද මේ එකපාර ආපු ගමනක් නොවන නිසා.හඬ කැවීම් ශිල්පියෙක් හැටියට ක්ෂේත්‍රයට එකතු වෙලා පොඩි පොඩි චරිත කරලා යම් තැනකටයි ආවේ."

යාෂ්  සිය රංගන දිවිය ගැන කියන්නේ ඔන්න ඔහොමයි.

ඒ එක්කම සිය අනාගත සැලසුම ගැනත් යාෂ්  මෙන්න මෙහෙම කියනවා.

"රටේ ඇතිවෙලා තියෙන තත්ත්වයත් එක්ක නිර්මාණ ගොඩක් නැවතිලා තියෙන්නේ.ඒ නිසා මේ අවුරුද්දේ සැලසුම් කරපු හැමදේම අවුල් වෙලා ගිහින්.අරගෙන ආපු රූගත කිරීම් පවා මේ වෙද්දී නැවතිලා තියෙන්නේ.මේ තත්ත්වය පහව ගිහිනුත් මිනිස්සුන්ට පෙර පරිදි ජීවත් වෙන්න වෙන්න ඕන.කොහොම උනත් මම ඉන්න තැන ගැන මට සතුටක් තියෙනවා.ඉදිරියේදී නිර්මාණයක ඉදිරියට යන්නයි බලාපොරොත්තුව.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 September 2021 09:46