October 20, 2021

චතු මුණසිංහ අවසන් ගමන් ගිය හැටි (PHOTOS)

චතු මුණසිංහ කියන නාමය ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම්. ඒ වගේම තමයි ඒ තරමට ශ්‍රී ලාංකික ජනතාවගෙන් ආදරේ දිනා ගත් තරුණියක් තවත් නැති තරම්. පිළිකාව නම් දරුණු රෝගයට අභියෝග කරමින් ජීවිතය සතුටින් ගත කළ ඇය ආදරණීය දියණියන් දෙදෙනකුගේ මවක් වනවා.

ඒ වගේම තමයි ඇයගේ ස්වාමි පුරුෂයා වන්නේ අර්ජුන්. ඇය ඉතාමත්ම වාසනාවන්ත බිරිඳක්. ඒ මන්ද යත් ඇයගේ ස්වාමි පුරුෂයාගෙන් ඇයට ලැබුණේ මහත් වූ ශක්තියක්. ඔහු නිරන්තරයෙන්ම උත්සාහ ගත්තේ ඇයට ආදරය සෙනෙහස ලබා දී ඇයගේ අභියෝගයට දිරි ගන්වන්න.

නමුත් ඉතා අවාසනාවන්ත ලෙස ඇය අප හඬවා මේ වන විටත් නික්ම ගොස් හමාරයි. ඇය නික්ම යාමට පෙර ශ්‍රී ලංකාවේ ඉතාමත්ම ජනප්‍රිය රූපවාහිනී නාලිකා වල මෙන්ම youtube චැනල් වල ඇයගේ කතාව රසිකයන් සමග බෙදා ගත්තා.

ඇයට වැලඳී තිබුණේ ඉතාමත්ම දරුණු ගණයේ පිළිකා රෝගී තත්ත්වයක්. ඇය එය දැනගන්න විටත් ප්‍රමාද වී හමාරයි. නමුත් ඇය එම රෝගය අභියෝගයක් කර ගනිමින් සියලුම අපහසුතාවන් වලට ශක්තිමත්ව මුහුණ දුන්නා. ඒ වගේම තමයි ඇය සිය දරුවන් දෙදෙනාවත් ස්වාමි පුරුෂයාවත් ශක්තිමත් කර අවසන් ගමන් යාමට තරම් අද්විතීය ගැහැනියක් වූවා.

එය ඇත්තෙන්ම සාමාන්‍ය ගැහැනියකට කළ නොහැක්කක්. ලෝකයේ දරුණු ගණයේ පිළිකාවකින් ඇය පීඩා වින්ද ද ඇය එයට නොසැලී සිය ජීවිතයේ ඉතිරි කාලය ඉතාමත්ම සතුටින් සහ ප්‍රීතියෙන් ගෙවා දැම්මා. ඉතින් හැමෝම ආදරය කරන චතූ මුණසිංහ අද නොඑන ගමන් ගියේ හැමෝගෙම හදවත් කම්පාවට පත් කරමින්.

මලක් නිදි මල් ගොඩක් මැද

චතු ගොඩක් වාසනාවන්තයි පින්වන්තයි

අර්ජුන්ගේ ආදරේ ලබන්න

ඒ ආදරේ කොයි තරම්ද කියන්න

වචන ගලපන්නත් මදි

අන්තීම මොහොත දක්වාම මේ තරම්

ආදරේ කරන්න හැමෝටම පුළුවන්ද

එත් අර්ජුන් එ දේ කරා...

චතු ජිවිතේ වින්දා විදෙව්වේ නෑ

ඒ අර්ජුන් නිසා

කිසිම ආත්මයක නුඹලා

ඉක්මනට වෙන් නොවේවා

 

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 13 October 2021 22:43

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449