October 20, 2021

රාජකීය තැපැල් නෞකාවෙන් හෙලිවන අපේ තැපැල් ඉතිහාසය

- ලලිත් චාමින්ද ලියයි

රූමස්‌සල කඳුවැටියෙන් හා ගාලු කොටුපවුරෙන් සෙවණ වූ ගාල්ල වරාය සුන්දර දිය කඩකි. බ්‍රිතාන්‍ය පාලන සමයේ අඩසියවසකටත් වඩා වැඩි කාලයක්‌ ගාලු වරාය පැවතියේ ලංකාවේ ප්‍රධාන හා කාර්යබහුල වරායක්‌ වශයෙනි. ඒ විතරක්‌ නොව එකල ගාල්ල නගරය කාර්යබහුල නගරයකි. මේ රටින් පිටරට යන්නෝ ගාලු වරායෙන් නැව් නැංගාහ. පිටරටින් මෙරටට එන්නෝ ඉන් මෙරටට ගොඩ බටහ. 

සතියකට වරක්‌ පී. ඇන්ඩ් ඕ. සමාගමේ නැව්වලින් ගමන් කිරීමට පැමිණි ජනී ජනයාගෙන් ගාලු ජැටිය පිරී පැවතුනි. එකල බොහෝ අවස්‌ථාවල ගාලු වරාය පුරා නැව් නවතා තිබෙනු දක්‌නට ලැබීම සුලභ දර්ශනයක්‌ විය. එකල යුරෝපයේ සිට ඔස්‌ටේ්‍රලියාවට සහ ඈත පෙරදිගට ගමන් කළ මගීන්ට ගාලු වරාය කදිම නවාතැන් පොළක්‌ව පැවතිනි.

 ඒ විතරක්‌ නොව, ඕලන්ද කාලයේ පටන් කුරු`දු, ගම්මිරිස්‌ පිටරට පැටවූයේ ගාලු වරායෙනි.එමෙන්ම එකල තැපැල් මලු මෙරටට රැගෙන ආවේත් මේ රටින් රැගෙන ගියේත් ගාලු වරායට පැමිණි රුවල් නැව් මගිනි. ඉතිහාස තොරතුරු අනුව එකල යුරෝපයට ලිපියක්‌ ලැබීමට මෙන්ම ඒ ස`දහා පිළිතුරක්‌ ලැබීමට වසරක්‌ පමණ ගතව තිබිණි. ඒ ස`දහා එක්‌ හේතුවක්‌ද පැවතුනි. ලිපි රැගෙන යාත්‍රා කළ රුවල් නෞකාවලට දකුණු අප්‍රිකාවේ සුබ පැතීමේ තුඩුව වටා ගමන් කිරීමට සිදුවිය. අනෙක එම රුවල් නෞකාවලට මෝසම් සුළ`ග මත පදනම්ව ගමනා ගමනය කිරීමට සිදුවිය.ඒ කොයිහැටි වෙතත් 1869 වසරේදී සූවස්‌ ඇළ කැපීමෙන් පසු නාවික ක්‍ෂේත්‍රය තුළ විශාල පරිවර්තනයක්‌ ඇති විය.

 මේ නිසා ගාලු වරායට පැමිණි නැව් සංඛ්‍යාවද විශාල වශයෙන් ඉහළ ගියේය. රුවල් නෞකා වෙනුවට මගී හා භාණ්‌ඩ ප්‍රවාහන කටයුතුවලට මෙන්ම තැපැල් සේවාවන් ස`දහාද දුම් නැව් වාෂ්ප නැව් යොදා ගනු ලැබීය. ඉන් පසු ලෝකයේ ඈත රටවලින් ගාලු වරායට විදෙස්‌ තොරතුරු විදෙස්‌ තැපැල් මලු පැමිණියේ දුම් හා වාෂ්ප නැව් මගිනි.

 එපමණක්‌ නොව, පුවත්පත්වල පලකිරීම ස`දහා බොහෝ විදේශ ප්‍රවෘත්ති ගාල්ලට ලැබුණේ ගාලු වරායට ළ`ගා වූ දුම් නැව් මගිනි. මේ අනුව බලන විට අපේ රටේ තැපැල් සේවාවත් ගාලු වරායත් අතර ඇත්තේ වෙන්කළ නොහැකි තරමේ බැඳියාවකි. 

මෙරට තැපැල් සේවාව ලන්දේසින් විසින් 1739 දී පළමුව ආරම්භ කළ බව පැවසේ. ලන්දේසින් විසින් හොලන්ඩ්, ජාවා හා ලංකාව අතර සුභ පැතීමේ තුඩුව සම්බන්ධව මෙම තැපැල් සේවාව පවත්වනු ලැබූ බව ද දැක්‌වේ කෙසේ වුවද මෙකී තැපැල් සේවාව මගින් පුද්ගලික ලියුම් රැගෙන ගිය බව ස`දහන්ව නැත. 

එමෙන්ම ලන්දේසින්ගේ පාලන සමයේ, එනම් වර්ෂ 1757 අප්‍රේල් මාසයේ මේ රටින් ඉන්දුනිසියාවේ බතාවියට යවන ලද ලිපිය මුල්ම ලිපිය බවට ඉතිහාස වාර්තාවල දැක්‌වේ.1795 දී බ්‍රිතාන්‍යයන් විසින් මෙරට මුහුදු කලාපයේ බලය අත්පත් කරගෙන බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියානු වෙළෝද සමාගමක්‌ මගින් පාලනය කරනු ලැබීය.

මෙරට පළමුවැනි පෝස්‌ට්‌මාස්‌ටර් ජනරාල්වරයා පත්කරනු ලැබුවේද ඒ කාලයේදීය. ඒ 1802 වසරේදීය. මේ කාලයේ නීතියේ හැටියට යෑවීමට හැකි වූයේ රාජකාරිමය ලිපි පමණි. එහෙත් ආණ්‌ඩුවේ කාර්යාලවල හැකියාවක්‌ තිබූ ඇත්තන් රාජකාරිමය ලිපිවලට අමතරව පුද්ගලික ලිපි යෑවීමටද කටයුතු කළහ.වසර 1813 වන විට තැපැල් ගාස්‌තුවට විශේෂ තැනක්‌ හිමිවිය.

 ලිපිවල බර අනුව ලිපි වර්ග කරනු ලැබීය. බර වැඩි ලිපිවලට නම් පට බැන්දේ පාර්සල් ලිපි යන නමිනි. එම පාර්සල් ලිපි රැගෙන යනු ලැබූ යාත්‍රා හැඳින්වූයේ පැකට්‌ බෝට්‌ස්‌ යනුවෙනි. මෙකී පාර්සල් හා ලිපි රැගෙන නැගෙනහිරට යාත්‍රා කළ නැව් හැඳින්වූයේ "ඊස්‌ට්‌ ඉන්ඩියන්" යනුවෙනි. 

මේවා රැගෙන ගියේ පෙරදිග ඉන්දියානු වෙළෝද සමාගම මගිනි. කෙසේ වුවද එකල එංගලන්තයේ සිට මෙරටට ලිපියක්‌ ලැබීමට මාස පහක්‌ පමණ ගතවිය.ඉන්දියානු තැපැල් සේවාව ආරම්හ කිරීමත් සමග පාර්සල් සේවාව නතරවිය. ඒ 1819 වසරේදීය.

මේ කාලයේදී ලිපි ස`දහා තැපැල් ගාස්‌තු අයකරනු ලැබීය. මුහුදු තැපැල් ගාස්‌තුව වශයෙන් ගාස්‌තුවක්‌ මෙන් එක්‌සත් රාජධානියට ඇතුළුවීමේ දී තවත් ගාස්‌තුවක්‌ අය කරනු ලැබීය.

එකල ගාලුවරායට දුම් නැව් හා වාෂ්ප නැව් මගින් ලැබුණු ලිපි හා තැපැල් මලු අග නගරයට රැගෙන යාමට මිනිසුන් පරවියන් හා අශ්ව කරත්ත යොදාගනු ලැබීය. 

මුලින්ම ගාලු වරායට ලැබුණු ලිපි කොළඹට රැගෙන යාම ස`දහා කඩින් කඩ දිවීමෙහි දක්‍ෂ මිනිසුන් යොදා ගත්හ. 

1838 වසරේදී තැපැල් අශ්වකරත්ත සේවාව ආරම්භ වීමත් සමග තැපැල් මලු ගෙනයාම සිදුවූයේ අශ්ව කරත්තයෙනි. පුවත්පත්වල පලකිරීම ස`දහා ලැබුණු විදේශ ප්‍රවෘත්ති අගනගරයට කඩිනමින් යෑවීමට හැකිවූයේ අශ්වකරත්ත සේවාව නිසාය.

මෙම කාලයේ දිවයින තුළ තැපැල් කාර්යාලද ආරම්භ කරනු ලැබීය.

 එකල තැපැල් මලු රැගත් අශ්ව කරත්ත දෙකක්‌ උදැසන 6.00 ට පමණ ගාල්ලෙන් පිටත් වූ අතර කොළඹට ළ`ගාවන විට හවස 4.30 පමණ විය. මෙයට අමතරව රාත්‍රි හයට පමණ තැපැල් අශ්ව කරත්ත සේවාවක්‌ ද පැවතුනි.තැපැල් අශ්ව කරත්ත ගාල්ලේ සිට අගනගරය දක්‌වා ළඟාවීමේදී බාධක ගණනාවකටම මුහුණ දීමට සිදුවිය. එම ගමනේදී ගිංතොට බෙන්තොට හා කළුතර යන ගංගා තරණය කිරීමට මෙකී අශ්ව කරත්තවලට සිදුවිය. එම ගංගා තරණය කළේ පෙරිය නැතහොත් අඟුල භාවිත කරමිනි. 

ගාල්ලේ තැපැල් ඉතිහාසය ගැන සඳහන් කරන විට පරවි තැපැල් සේවාව ගැන සඳහන් කළ යුතුමය. මෙම පරවි තැපැල් සේවාව ක්‍රියාත්මකව තිබී ඇත්තේ 1850 හා 1858 යන කාලයේදීය. 

මෙම පරවි තැපැල් සේවාව ආරම්කොට ඇත්තේ සිලොන් ඔබ්සවර් පුවත්පත මගිනි. 

ගාලු වරායට නැව් මගින් ගෙනඑනු ලැබූ ලිපි විදේශීය ප්‍රවෘත්ති කොළඹ නගරයට රැගෙන යනු ලැබුවේ පරවි තැපැල් සේවාව මගිනි. පරවි ගෘහයක්‌ ගාලු කොටුවේ පිහිටි ප්‍රදීපාගාරයේ ඉදිකොට තිබුණි. හොඳ දේශගුණික තත්වයක්‌ යටතේ පරවියකුට සැතපුම් 72 ක්‌ ගමන් කිරීමට, එනම් ගාල්ලේ සිට කොළඹට ගමන් කිරීමට විනාඩි 39 ක්‌ 45 ක්‌ පමණ ගතවිය.

ගාල්ලට පළමුවැනි විදුලි පණිවුඩය ලැබුණේ ඇමරිකාවේ නිව්යෝර්ක්‌ නගරයේ සිටය. එකල ටෙලිග්‍රාප් කාර්යාලය පිහිටා තිබුණේ පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලෙහි හා වත්මන් හමුදා ක`දවුර ඉදිරිපිට ඇති පැරණි ගොඩනැගිල්ලකය.

රැංගුන් නැව (රාජකිය තැපල් නැව) ගාලු බොක්‌කේ ගිලී ඇති ආර් එම් එස්‌ රැංගුන් නෞකාව ගාල්ලේ තැපැල් ඉතිහාසය හෙළිවන කදිම සාක්‍ෂියකි. එකල තැපැල් මළු හා විදේශීය ප්‍රවෘත්ති රැංගුන් නෞකාව මගින් මෙරටට රැගෙන විත් තිබිණි. එය වාෂ්ප නෞකාවකි.

 එය ඔස්‌ටේ්‍රලියාවේ සිඩ්නි නුවර හා ගාල්ල අතර තැපැල් සේවාවේත් මගී ප්‍රවාහන කටයුතුවලත් නිරතවූ නෞකාවක්‌ බවට ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මගින් කරනු ලැබූ ගවේෂණයකදී අනාවරණය වී ඇත. මෙම නෞකාව ලංකාව ආශ්‍රිත මුහුදු තීsරයකදී ගිලීගිය පළමු මගී තැපැල් නෞකාව බවටද හඳුනාගෙන තිබේ.

"ගාලුවරායෙන් පිටත ගැඹුරු මුහුදේදී තමයි මෙම නෞකාව 1871.11.01 වැනිදා ගිලී ගොස්‌ තියෙන්නේ. දේශීය තැපැල් මළු තොගයක්‌ කුඩා බෝට්‌ටුවකින් රැගෙන එනතෙක්‌ මේ නෞකාව වරායෙන් පිටත ගැඹුරු මුහුදේ නතරකොට තිබියදී තමයි නැව ගිලීගොස්‌  තියෙන්නේ.නෞකාව දිය වැලකට හසුවෙලා කදිර් කියන ගලේ වැදිලා තියෙනවා. නැවේ පිටුපස තමයි මුලින්ම වැදිලා තියෙන්නෙ.

 ඊට පසු නැව ගිලෙන්නට පටන් අරගෙන තියෙනවා. නැවේ සිටි මගීන් අනූනමයෙන් තමයි ජීවිත බේරාගෙන තියෙන්නේ. පැය හයක්‌ යනවිට නැව සම්පූර්ණයෙන්ම ගිලීගොස්‌ තියෙනවා. "මේ නැවේ කපිතාන්වරයා වශයෙන්  ස්‌කෝටේ කියන පුද්ගලයා කටයුතු කරලා තියෙනවා. 

ඒ කාලයේ නැවේ වටිනාකම පවුම් 78000 ක්‌ වශයෙන් තමයි ඇස්‌තමේන්තු කරලා තියෙන්නේ. මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ගවේෂණ කණ්‌ඩායම මේ නැව පිළිබ`ද ගවේෂණය කළා."

ඒ "අනුව මේ නෞකාව එංගලන්තයේ පි.ඇන්ඩ්.ඕ. සමාගමට අයත් එකක්‌. 1863.04.04. වැනිදා තමයි නෞකාව සේවයට එක්‌කොට තියෙන්නේ. ගාලු බොක්‌කේ ගැඹුරු මුහුදේ අඩි සියයක්‌ පමණ ගැඹුරේ තමයි මෙම නෞකාව දැනට තියෙන්නේ. මෙය යකඩ මෙන්ම වාෂ්ප නෞකාවක්‌. 

ලංකාවේ හමුවූ පළමු මගී තැපැල් නෞකාව වන්නේ මේ රැංගුන් නැවයි. මේ පිළිබඳව වැඩිදුරටත් පර්යේෂණය කිරීමේදී තමයි මෙකී නෞකාව තැපැල් නෞකාවක්‌ බවට හඳුනා ගැනීමට හැකිවුණේ යැයි ගවේෂණයට එක්වු ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ගවේෂකයින් අප සමග කිහ.

Rate this item
(0 votes)
Last modified on Monday, 11 October 2021 11:33
© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449