2023 මාර්තු 10, ප.ව. 2:00
යෝජිත මනමාලයා පත්පැණි විරෝධී පුද්ගලයකු වීම නිසා උරණ වූ මනමාලියගේ මව ඔහුට “අම්බලමේ පිනෙක්” යැයි කීම නිසා යාපනයේ චාවාකච්චේරියේ නිවසක විශාල කාලගෝට්ටියක් ඇති වී ඇතිවී දිනයන් පවා තීන්දුව වූ මගුලක් අහෝසි වී තිබෙනවා.
යාපනයේ කොකුවිල් ප්‍රදේශයේ රාජ්‍ය සේවකයෙකු මංගල යෝජනාවක් අනුව යාපනයේ චාවාකච්චේරි ප්‍රදේශයට ගොස් මනමාලියක් බලා තිබෙනවා.
දෙපාර්ශවයම ඊට කැමැති වී ඇති අතර ඒ සඳහා දින වකවානු යොදා ගැනීමෙන් පසු මෙතෙක් විදේශගතව සිටි මනාලියගේ මව විවාහ කටයුතු සඳහා කැනඩාවේ සිට යාපනයට පැමිණ තිබෙනවා.
මංගල්‍යයේ ඉදිරි කටයුතු සාකච්ඡා කර ගැනීම සඳහා මනාලයා තම ඥාති පිරිසක් සමඟ මනාලියගේ නිවසට පැමිණි අවස්ථාවේදී මනාලියගේ මව ඒ පිරිසට දිවා ආහාරයට පෙර පානය කිරීම සඳහා විස්කි බෝතලයක් ලබාදී තිබෙනවා.
මනාලයා විස්කි නොබී සිසිල් පැන් වීදුරුවක් තොළ ගාමින් සිටියදී එතැනට පැමිණි මනාලියගේ මව ඇයි පුතා ඔයා විස්කි බොන්නේ නැද්දැයි විමසා තිබෙනවා.
“නෑ…නෑ… අම්මා මම මත්පැන් බොන්නෙත් නෑ. ඒවා බොන අයටත් මම විරුද්ධයි.” යනුවෙන් පවසා තිබෙනවා. මේ අවස්ථාවේදී මනාලියගේ මව මත්පැන් නොබොන ඔයා “අම්බලමේ පිනෙක් වගේනෙ” යනුවෙන් ප්‍රකාශ කිරීමත් සමගම ඊට උරණ වූ මනමාලයා හා ඔහුගේ ඥාතීන් නිවස තුළ විශාල කාලගෝට්ටියක් ඇති කරගෙන තිබෙනවා.
එම මත ගැටුම තවත් දිග්ගැස්සීමේ ප්‍රතිඵලයක් ලෙස මනාලයා තම ඥාතීන් ද රැගෙන පිටව ගොස් ඇත්තේ පිළියෙල කළ දිවා ආහාරයද නොගෙනයි.
ඔවුන් නිවසට ගිය පසුව කළ සාකච්ඡාවකින් පසුව මංගල්‍ය සිදු නොකෙරෙන බව මනමාලයාගේ ඥාතීන් විසින් මනමාලියගේ නිවසේ උදවියට ප්‍රකාශ කොට තිබෙනවා.
2024 දෙසැම්බර් 04, පෙ.ව. 12:10
2024 දෙසැම්බර් 03, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 02, ප.ව. 4:30
2024 දෙසැම්බර් 02, පෙ.ව. 11:10
2024 දෙසැම්බර් 02, පෙ.ව. 12:03
04-12-24
04-12-24
04-12-24
04-12-24
03-12-24
03-12-24
03-12-24
03-12-24
03-12-24
03-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
01-12-24
01-12-24
01-12-24
01-12-24