NPP මගී බස් නැවතුම සමාජ මාධ්‍ය කළඹයි

ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය දේශපාලකයින් විසින් අරමුදල් සම්පාදනය කර ඉදි කරන ලද මාතර, කනංකේ ප්‍රදේශයේ බස් නැවතුම්පොළ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහක් ඇති වී තිබෙනවා. කොමියුනිස්ට්වාදයේ සංකේතාත්මක ලාංඡනය ප්‍රදර්ශනය කරමින් මෙම නවාතැන නිර්මාණය කර තිබෙනවා. සමාජ මාධ්‍ය තුළ මේ සඳහා උපහාසාත්මක අදහස් සහ පෝස්ට් හුවමාරු වෙමින් පවතිනවා.