October 20, 2021

අලුත්ගම සන්සුන් කරන්න විශේෂ ආරක්ෂාවක් 

අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවලට පනවා ඇති ඇඳිරි නීතිය ඊයේ (18) පෙරවරු 8.00ට ඉවත් කළද ප්‍රදේශයේ ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම අවස්ථාවක ඇඳිරි නීතිය යළි පනවන බවත් ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව නීතිය කඩ කිරීමේ කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැති බවත් අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවල පැවති ගැටුම්කාරී තත්ත්වය මේ වනවිට සන්සුන් වී ඇති බවත් හෙතෙම සඳහන් කළේ ය. 

එම ප්‍රදේශවල කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු ‍පොලිස් නිලධාරින් යොදවා ඇති බවත් ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. 

Rate this item
(0 votes)

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449