October 20, 2021

නීතියේ ආධිපත්‍යය තහවුරු කරන්නැයි යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් 

රට තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කරන ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇත.

එමෙන්ම යුරෝපා සංගමය එවැනි ගැටුම් හෙළාදකින බවත් ගැටුම්වලින් ජීවිත අහිමි වූ සහ තුවාල ලැබූ ජනතාවට තම බලවත් කනගාටුව ප්‍රකාශ කරන බවද එම සංගමය සඳහන් කරයි.

ජාතීන් අතර බේද ඇති කිරීමට පෙලඹවීම තුළින් රට තුළ පවතින ස්ථාවරත්වය බිඳවැටිය හැකි අතර මෙරට තුළ පවතින සාමය හා සංහිඳියාව වර්ධනය කරගැනීම උදෙසා සියලු ජාතීන්ට ගරු කොට ප්‍රචණ්ඩත්වයෙන් වැළකී කටයුතු කරන ලෙසත් යුරෝපානු සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

බේරුවල හා අලුත්ගම යන ප්‍රදේශවල සිදුවූ වාර්ගික ගැටුම් පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය මේබව සඳහන් කර තිබුණි.

 

 

Rate this item
(0 votes)

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449