October 20, 2021

ජාතිවාදී හා ආගම්වාදී ගැටුම්වලට තිත තැබිය යුතුය

මෙය ආණ්‌ඩුවකට පමණක්‌ කළ හැකි දෙයක්‌ නොවේ. මේ රට තුළ සිංහල, දෙමළ හා මුස්‌ලිම් යෑයි ජනවර්ග තුනක්‌ සිටිති. එසේම බෞද්ධ, හින්දු, ඉස්‌ලාම් යෑයි ආගමිකයෝ ද සිටිති. මේ සියලු දෙනා එකට එක්‌ව දැනට රටේ නම හැටියට හඳුන්වන "ශ්‍රී ලංකා" යන නම යටතෙහි ශ්‍රී ලාංකිකයන් ලෙස සිතීමට කතා කිරීමට හා ක්‍රියා කිරීමට පුරුදු විය යුතුය.

පසුගියදා අළුත්ගම ඇති වූ සිංහල හා මුස්‌ලිම් අය අතර ගැටුම තුළින් එහි ඇති සත්‍යයට වඩා බොරුවක්‌ම රට තුළ ප්‍රචාරය විය. ආණ්‌ඩු විරෝධී සමහරු විශේෂයෙන් කටකතා පැතිරවීමෙහි දක්‍ෂ අවස්‌ථාවාදී දේශපාලනඥයන් මෙම සිද්ධිය ආණ්‌ඩුවට පහර ගැසීමට යොදා ගත්හ. තවත් සමහරු රටේ අනෙකුත් ප්‍රදේශවල සාමයෙන් ජීවත් වන සිංහල හා මුස්‌ලිම් අය අතර ගැටුම් ඇති කර වීමට මෙම සිද්ධිය පදනම් කරගෙන බොරු ප්‍රචාරය කළහ. උපක්‍රම යෙදූහ. මෙම සිද්ධියේ දී පමණක්‌ නොව මුස්‌ලිම් අය හා සිදුවන සෑම ගැටුමකදීම පාහේ අප රටේ ජීවත් වන මුස්‌ලිම්වරු ලෝකයේ අනෙක්‌ මුස්‌ලිම් රටවල් දෙස බැලීමත් ඒවා තමන්ගේ රටවල් ලෙස සැලකීමක්‌ සිදුවන්නේ " අප ශ්‍රී ලාංකික" යන හැඟêමෙන් බැහැරවීම නිසයි.

සරලව සිතා බැලූවිට පැහැදිලි වන්නේ අපේ රටේ ජීවත්වන මුස්‌ලිම් ජනයා ක්‍රිකට්‌ තරගයකදී පවා උදව් කරන්නේ ශ්‍රී ලංකාව දිනවීමට නොව ශ්‍රී ලංකා කණ්‌ඩායම් හා තරග කරන මුස්‌ලිම් රටේ කණ්‌ඩායම් වෙනුවෙනි. අපේ ශ්‍රී ලාංකික අනන්‍යතාව අවබෝධ කර නොගෙන කටයුතු කිරීම නිසා මෙය සිදු වේ. ලෝකයේ මුස්‌ලිම් රටවල් ද ශ්‍රී ලංකාවට උදව් කරනු මිස ශ්‍රී ලංකාවේ සිටින මුස්‌ලිම් ප්‍රජාව ගැන සිතා ඔවුන්ට පක්‍ෂපාතව කටයුතු නොකළ යුතුය.

එසේම තමිල්නාඩුව වුවද ක්‍රියා කරන්නේ මේ රට තුළ සිටින දෙමළ ජනයා පිළිබඳ හැඟêමෙන්ය. ඔවුන්ට වෙනම රාජ්‍යයක්‌ ශ්‍රී ලංකාව තුළ බිහි කරදීම තමිල්නාඩු නායකයන්ගේ අරමුණයි.

මෙසේ වර්ගවාදීව හෝ ආගම්වාදීව සිතා රටක සිටින ජන කොටස්‌වලට එරෙහි වීම හෝ සහාය දීම අතිශයින්ම පටු ක්‍රියාදාමයකි. අසම්මත ක්‍රියාවකි. මෙවැනි පදනම් මත පිහිටා ප්‍රශ්න විසඳීමට ගියහොත් කිසිසේත්ම රටක්‌ තුළ සාමය ඇති කළ නොහැක. එවැනි පටු ජාතිවාදී හෝ ආගම්වාදී කණ්‌ඩායම් රටක්‌ තුළ ක්‍රියාත්මක වන විට රජයට ද එම ගැටුම් නිරාකරණය කිරීමට නොහැකි වනු ඇත.

සිංහල ජන කොටසේ නිජභූමිය ශ්‍රී ලංකාව පමණි. එහෙත් දෙමළ හා මුස්‌ලිම් ජන කොටස්‌වලට ලෝකය පුරා වෙනත් නිජභූමි ඇත. එබැවින් ජාතිවාදී පදනම මත කටයුතු කිරීමේදී ලෝක ජන කොටස්‌වල සංයුතිය අනුව අසාධාරණය සිදු වන්නේ සිංහලයන්ටය. එසේ කීම සිංහල ජාතිවාදී ප්‍රකාශයක්‌ නොව පරම සත්‍යයකි. එබැවින් ශ්‍රී ලංකාව තුළ ජීවත්වන සියලු දෙනා " අපි ශ්‍රී ලාංකිකයන් වෙමු" යන උදාර හැඟêමෙන් ක්‍රියාකිරීම ද ලෝකයේ වෙනත් රටවල් ශ්‍රී ලංකාව වෙනුවෙන් කටයුතු කිරීමේදී එහි සිටින ජන කොටස්‌ අනුව නොව ශ්‍රී ලංකාව වශයෙන් හෝ ශ්‍රී ලාංකිකයන් ලෙස සලකා ක්‍රියාකිරීමද අතිශයින් වැදගත් වේ. එය ජාත්‍යන්තරවද ඉතා වටිනා ආදර්ශයක්‌ වේ.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

ලේකම් - දේශප්‍රේමී භික්‌ෂු පෙරමුණ

(දිවයින පුවත්පතට ලියු ලිපියකි)

 

Rate this item
(0 votes)

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449