October 20, 2021

වැසි සමයත් සමග ඩෙංගු මරණ ඉහලට

වැසි සමයේදී බස්‌නාහිර පළාතේ ඩෙංගු රෝගීන් ශීඝ්‍ර වශයෙන් වැඩිවීමත් සමග 2014 වසරේ මේ දක්‌වා කාලය තුළ ඩෙංගු මරණ 45 ක්‌ වාර්තා වී ඇතැයි ඩෙංගු රෝග මර්දන අධ්‍යක්‌ෂ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා පැවසීය. 

මීට අමතරව එම කාලයතුළම ඩෙංගු රෝගීන් 14,152 දෙනකු වාර්තා වී ඇති බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වශයෙන් 44,456 ක්‌ වාර්තා වූ වසර ලෙස 2012 වසර පෙන්වාදිය හැකි බවත් 2011 සහ 2013 වසරවල පිළිවෙලින් 28,473 ක්‌ සහ 32,063 ක්‌ ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වූ බවත් හෙතෙම පැවැසීය.

2011 වසරේ 186 ක්‌ වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 2013 වසරේ 89 දක්‌වා අඩුකර ගැනීමට හැකිවූ බව සැවසූ වෛද්‍ය තිසේරා මහතා 2012 වසරේ ඩෙංගු මරණ 181 ක්‌ වාර්තා වූ බවද පැවැසීය.

 

Rate this item
(0 votes)

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449