October 20, 2021

ගුරුවරියන් නිසා සිසුවිය දුම්රියට පැන්න බවට තවත් ගුරුවරියකගෙන් පැමිණිල්ලක්

කඳාන හපුගොඩ සාන්ත මරියා විදුහ‍ලේ 10 වසර අධ්‍යාපනය ලබමින් සිටියදී දුම්රියට පැන සියදිවි හානිකරගත් සෙව්මිණි අපේක්ෂා සිසුවියගේ මරණයට එම විදුහ‍ලේ ගුරුවරියන් දෙදෙනකු වගකිවයුතු බව ප්‍රකාශ කරමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ගුරුවරියක් පැමිණිලි කර ඇත.

පැමිණිලි අංක සීඒ/05/14/06/4642 යටතේ එම පැමිණිල්ල කර ඇති අතර, ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මිය මියගිය දැරියගේ දෙමාපියන් කැඳවා මූලික සාක්ෂි සටහන් කරගෙන තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් රාගම ‍පොලීසියද සාක්ෂි සටහන් කරගනිමින් පරීක්ෂණ කටයුතු සිදු කෙරෙයි.

Rate this item
(1 Vote)

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449