October 20, 2021

කොරෝනා පාලනයට දැමූ මීටරයේ පරතරය මදි

November 08, 2020

කොවිඩ් -19 වෛරසයේ නව ක්‍රියාකාරිත්වය නිරික්ෂණය කිරිමේ දී සමාජ දුරස්ථභාවය මීටරයකට වඩා වැඩි පරතරයක් පවත්වා ගැනීම යෝග්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංයශයේ මධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි. 

මීටර් එකහමාරක හෝ දෙකක දුරස්ථභාවයක් තබා ගැනීමට දැන් සමාජයට සිදුව ඇති බව ඔහු පෙන්වා දෙයි.

"අලුත් වෛරස් ප්‍රභේදයත් එකක් දුරස්ථභාවය දැන් මීටර් එකහමාරක් දෙකක්වත් වෙන්න ඕනේ කියලා තමයි විශේෂඥවරු කියන්නේ. දෙයියන්ගෙ ලෙඩ හැදුනා වගේ වෙන්වෙලා ගෙදර ජීවත් වෙනවා නම් කොවිඩ් අනෙක් අයට බෝ වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. මානව ප්‍රජාවගේ හැසිරීම තමයි කොවිඩ් පැතිරීම කොහොමද වෙන්නෙ කියලා තීරණය කරන්නේ. මේ රෝගය පැතිරීම වැළැක්වීමේ ප්‍රධාන කාර්ය තියෙන්නේ මහජනතාව වන ඔබත් මමත් අතර," යනුවෙන් වෛද්‍ය  ජයරුවන් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 08 November 2020 11:34

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449