September 29, 2021

"රිෂාඩ්ගේ නිවසේ මිය ගිය දැරියගේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට තරාතිරම නොබලා නිතිය ක්‍රියාත්මක කරනවා"

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටි දැරියගේ සිරුරට ගිනි ඇවිලීමෙන් ජිවිතක්ෂයට පත්විම සහ එම දැරිය අපයෝජනයට ලක් කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට තරාතිරම නොබලා නිතිය ක්‍රියාත්මක කරන බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායක මහතා පවසයි.

සි.බි.රත්නායක මහතා අද (23) දින නුවරඑලියේ අමාත්‍යවරයාගේ කාර්යාලයේදි මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඉදිරියේදි මෙවැනි සිදුවිම් සිදු නොවිමට රජය කටයුතු කරන බවයි.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කර තිබියදි එම ක්ෂේත්‍රයේ රැකියා කිරිමට එම වතු කම්කරුවන්ගේ දරුවන් කැමැත්තක් නොදක්වන බවත්, එම දරුවන් හොද අධ්‍යාපනයක් ලබා වෙනත් රැකියාවලට යාමට කැමැත්ත දක්වන නිසා ඒ සදහා අවස්ථාව ලබා දිම රජයේ අරමුණ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

වතු ආශ්‍රිත දරුවන් මෙහෙකාර සේවයේ යොදවන තැරුව්කරුවන් සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින ලෙස පොලිසියට සහ ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරින් අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා.

(හැටන් - රංජිත් රාජපක්ෂ)

 

Rate this item
(0 votes)
Last modified on Friday, 23 July 2021 20:24