September 29, 2021

ඉෂාලිනි දැරියට පින් අනුමෝදම් කිරිමේ වැඩසටහනක් (PHOTOS)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බොරැල්ල නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් මියගිය ජේ.ඉෂාලිනි දැරියට පින් අනුමෝදම් කිරිමේ වැඩසටහනක් ඊයේ (22) දින පස්වරුවේ ඇය පදිංචිව සිටි ඩයගම වතු යායේදි සිදු කෙරුණා.

වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතාගේ සහභාගිත්වයෙන් මිය ගිය දැරියගේ මව පියා ඇතුළු සහෝදරයන්ගේ සහභාගිත්වයෙන් පින් අනුමෝදම් කිරිමේ වැඩසටහන එම වතු යායේදි සිදු කරනු ලැබුවා.

ජිවිතක්ෂයට පත් ජේ.ඉෂාලිනිට පින් අනුමෝදම් කරමින් ඇයගේ ඡායාරූපයකට පුෂ්ප උපහාර දක්වා, ඉටිපන්දම් දක්වා පින් අනුමෝදම් කිරිම සිදු කරනු ලැබුවා.

පින් අනුමෝදම් කිරිමේ අවස්ථාවට එම වතුයායේ වතු කම්කරුවන් පිරිසක්ද සහභාගි වී සිටියා.

Rate this item
(0 votes)
Last modified on Friday, 23 July 2021 20:02