September 29, 2021

ගාල්ල සිරගෙදරදී මියගිය සිරකරුවාට කොවිඩ්

ගාල්ල බන්ධනාගාරයේ සිරදඩුවම් විදිමින් සිටියදි ගෙළ වැළලාගෙන මියගිය සිරකරුවාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ගාල්ල බන්ධනාගාරය පවසනවා.

මෙකි සිරකරු මිය යාමෙන් පසුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි කරනු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී තිබෙනවා.

මෙකී සිරකරුවගේ පළමුපෙළ ආශ්‍රිත රැදවියන් තිදෙනෙකු නිරෝධායනය සදහා  යොමු කොට ඇති බවද  ගාල්ල බන්ධනාගාරය පවසනවා.

මෙකි සිරකරුවා ඉකුත් (21) වන දින රාත්‍රි සිරමැදිරිය තුලදි ගෙල වැළලාගෙන මියගොස් තිබුණා.

සිරදඩුවම් විදින සිරකරු 50 හැවිරිදි වියේ පසුවන මැටිවල තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහු බන්ධනාගාරයේ වෙනම සිරමැදිරියක රදවා සිට ඇති අතර ඔහු සරම් පටකින් සිරමැදිරිය තුලදි ගෙළ වැළලාගෙන මියගොස් ඇති බැව් බන්ධනාගාරය පවසනවා.

බන්ධනාගාර නිලධාරින් විසින් මොහුගේ ගෙලෙහි හිරවි තිබු සරම් පටිය ඉවත්කොට මොහු  කරාපිටිය රෝහලට රැගෙන යාමට කටයුතු කළද ඒ වන විටත් මොහු මිය ගොස් සිටි තිබෙනවා.

(ගාල්ල - ලලිත් චමින්ද)

Rate this item
(0 votes)
Last modified on Friday, 23 July 2021 20:03