September 29, 2021

ගුරු අරගලය දැඩි වෙයි! සාපෙළ ලියූ සිසුන්ට වෙන්න යන දේ Featured

මෙරට පාසල් ගුරුවරුන් විසින් පවත්වනු ලබන වර්ජනය තව තවත් දැඩි වෙමිත් තිබෙනවා.

මේ වන විටත් ගුරුවරුන් විසින් මාර්ගගත අධ්‍යාපනය ලබාදීමෙන්ද ඉවත්වී සිටින අතර උද්ඝෝෂණ මාලාවන්ද ක්‍රියාත්මක කරමින් තිබෙනවා.

ගියවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සෞන්දර්ය විෂයන් කළ සිසුන්ට තවමත් ප්‍රායෝගික පරික්ෂණ පවත්වා නොමැති අතර එම කටයුතුවලින්ද ගුරුවරුන් ඉවත් වීමට නියමිතයි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝස්ප් ස්ටාලින් විසින් ප්‍රකාශ කර සිටියේ මෙම අරගලය ක්‍රමානුකූලව යම් ක්‍රියාමාර්ග හරහා ත්‍රිව්ර කරන බවට පෙර සිටම ප්‍රකාශ කළ බවයි.

එමෙන්ම ඊයේ (23) දිනයේ සිට ගුරු අරගලයට නව ක්‍රියාමාර්ගයක් එකතු කරමින් ගියවර පැවැති සා පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්ගේ ප්‍රායෝගික පරික්ෂණ සහ සෙසු ප්‍රයෝගික පරික්ෂණ ඇතුළු සියලු ප්‍රායෝගික පරික්ෂණ ක්‍රියාවලියන්ට ගුරුවරුන් සම්බන්ධ වීම නතර කිරීමට තීන්දු කළ බවද ජෝසප් ස්ටාලින් මහතා පවසා සිටියා.

මේ සම්බන්ධව විභාග කොමසාරිස්වරයාටත්, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාටත් දැනුම් දෙන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

Rate this item
(0 votes)