September 29, 2021

වී අස්වැන්න අඩු වීම ගොවිජනයේ සැලැස්මක්ද? (PHOTOS)

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල සහ විල්ගමුව ගොවිජන සේවා බල ප්‍රදේශවල වී අස්වැන්න නෙළීම මේ දිනවල ආරම්භ කොට ඇතත් අස්වැන්න 60%කින් 70%කින් පමණ පහත වැටීම නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයන් වලට පත්ව ඇතැයි පවසනවා.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් සහතික බීජ මිලදී ගෙන වගා කෙරුණු විල්ගමුව ප්‍රදේශයේ වි වගාව පුරුක් පණුවන්ගෙන්, කොළ හකුළන දළඹුවන්ගෙන් මෙන්ම කීඩෑවන්ගෙන් විශාල වශයෙන් හානි වී තිබෙන බවත් වී වගාවේ තණකොළ වැවීම නිසා මෙම අස්වැන්න අඩු වී ඇති බවත් ගොවීහු පෙන්වා දෙනවා.

වගාබිම් ඈත සිට දිස් වෙද්දි ඉතා සාර්ථක වගාවක් සේ දක්නට හැකි නමුත් වගාව ආසන්නයට ගොස් සොයා බලද්දී ඉතා විශාල වශයෙන් වී කරල් බොල් වී ඇති අයුරු ගොවීහු පෙන්වා දෙනවා.

සේවෙතත් ගොවි ජනතාව කියා සිටින්නේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් ලබා දුන් බීජ නිසා මෙම තත්ත්වය උදාවී ඇති බවයි. ඇතැම් කරල්වල ඉතා සීමිත වී අස්වැන්නක් ලැබීම මෙන්ම විවිධ වී වර්ග තම වගාවේ රෝපණය වීම නිසා මෙම බරපතළ තත්ත්වය උදාවී තිබෙන බවත් වෙනදා ලබාගත් වී අස්වැන්න සමග සසඳා බැලීමේදී මෙවර තමන්ට කැඳ උගුරක් හෝ බීමට වී ඇටයක් නිවසට ගෙන්වා ගැනීමට නොහැකි වන බව ඔවුහු පෙන්වා දෙනවා.

(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)
Last modified on Sunday, 25 July 2021 16:40