September 29, 2021

කොවිඩ් ආසාදිතයෙක් පැන යයි - දැනට 20ක් නිරෝධානයට

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් වාට්ටුවෙන් පැන ගිය ආසාදිතයෙකු අල්ලා යලිත් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත භාර දුන් බව නාවලපිටිය කුරුදුවත්ත පොලිසිය පැවසුවා.

ආසාදිතයා නාවලපිටිය කුරුදුවත්ත පදිංචිකරුවෙකු බවත් අවුරුදු 31 වයසැති ආසාදිතයා පසුගිය 20 වැනිදා පස්බාගේ කොරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛය පරික්ෂකවරුන් විසින් කුරුදුවත්ත නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කර තිබෙනවා.

ආසාදිතයාගේ රෝගි තත්ත්වය උත්සන්න විම නිසා ආසාදිතයා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකට ඇතුලත් කිරිමෙන් පසු අද (25) දින උදෑසන 8 අසාදිතයා එම වාට්ටුවෙන් පැන ගොස් තිබෙනවා.

පැන ගිය ආසාදිතයා සම්බන්ධයෙන් නාවලපිටිය රෝහලේ ආරක්ෂක අංශ විසින් කුරුදුවත්ත පොලිසිය දැනුවත් කිරිමෙන් අනතුරුව ආසාදිතයා තම නිවස කරා යමින් සිටියදි කුරුදුවත්ත මේරිවල පොලිස් මුරපොලේදි අල්ලා ගිලන් රථයක් මගින් යලිත් නාවලපිටිය රෝහලට යොමු කර තිබෙනවා.

ආසාදිතයා ගමන් ගත් ලංගම බස් රථයේ ගමන් ගත් ළගම ආශ්‍රිතයන් කිහිප දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කල බවත්, ආසාදිතයා පදිංචි නාවලපිටිය කුරුදුවත්ත මේරිවල වත්තේ කොටසක පදිංචිකරුවන්ද ස්වයං නිරෝධනයට යොමු කර ඇති බවයි පස්බාගේ කොරලේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

(හැටන් රංජිත් රාජපක්ෂ)                         
 

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 25 July 2021 16:41