September 29, 2021

යාපනයේදී ට්‍රැක්ටරයකට වෙඩි ප්‍රහාරයක් (PHOTOS)

අණ නොතකා ධාවනය කළ වැලි ප්‍රවාහනය කරන ලද ට්‍රැක්ටරයකට යාපනය අරියාලෙයි පුම්බුහාර් ප්‍රදේශයේදී මුර සංචාරයේ යෙදුනු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (24) දින වෙඩි ප්‍රහාරයක් එල්ල කොට තිබෙනවා.

අරියාලෙයි නැගෙනහිර පුම්බුහාර් ප්‍රදේශයේ මුර සංචාරයක නිරත වූ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් නීතිවිරෝධීව වැලි පටවා ප්‍රවාහනය කල ට්‍රැක්ටරයකට නවත්වන ලෙස අනක ලද අණ නොතකා ට්‍රැක්ටරය ධාවනය කිරීම හේතුවෙන් ට්‍රැක්ටරයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට පොලිස් නිලධාරීන්ට සිදු වී තිබෙනවා.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදු නොවී ඇති අතර ට්‍රැක්ටරයේ පැමිණි සැකකරුවන් තිදෙනෙකු ට්‍රැක්ටරය දමා පලා ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් පලා ගිය සැකකරුවන් ට්‍රැක්ටරයේ හිමිකාරීත්වය අනුව අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

(වන්නි - රොමේෂ් මධුෂංඛ) 

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 25 July 2021 16:42