September 29, 2021

කඩු කල්ලියකින් තවත් නිවසකට ප්‍රහාරයක් (PHOTOS)

යාපනය වඩුක්කොඩ්ඩෙයි පොලිස් වසමේ අරාලි ප්‍රදේශයේ නිවසකට ඊයේ (24) දින රාත්‍රියේ කිසියම් තියුණු ආයුධ රැගත් කල්ලියකගේ පහරදීමෙන් දේපල හානි රැසක් සිදුව ඇති බවට පොලීසිය පවසනවා.

අරාලි උතුර ප්‍රදේශයෙ නිවසකට ඊයේ රාත්‍රියේ යතුරුපැදි දෙකකින් මුහුණු ආවරනය කොට ගෙන ඇතුලු වූ පිරිස් විසින් නිවසේ තිබූ ත්‍රී රෝද රථයකට ගිනි තබා නිවසේ දේපල රැසකටද හානි කොට පලා ගිය බවට නිවැසියන් විසින් පොලීසියට පවසා තිබෙනවා.

කෙසේවෙතත් අදාල පහරදීමෙන් නිවැසියන්ට හානියක් සිදුව නොමැති අතර පහරදීමට පැමිණි පිරිස් කවුරුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බවටත් පෞද්ගලික හේතුවක් නිසාවෙන් මෙම පහරදීම සිදුකර ඇතැයි සැක පලකරන බවටද පරික්ෂණ සිදුකරන වඩුකොඩ්ඩෙයි පොලීසිය වැඩිදුරුටත් පැවසුවා.

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)
Last modified on Sunday, 25 July 2021 16:43