September 29, 2021

අතුරුදහන් වූ සය දරු මවගේ සිරුර මහවැලි ගඟේ පාවෙයි (VIDEO)

September 15, 2021

නිවසින් අතුරුදහන්ව සිටි සයදරු මවකගේ සිරුරක් මහවැලි ගඟේ පාවෙමින් තිබියදී ඊයේ (14) දිනයේ ගොඩගත් බව නාවලපිටිය පොලීසිය පවසා සිටියා.

මහවැලි ගඟේ පාවෙමින් තිබියදී මෙසේ ගොඩගනු ලැබුවේ නාවලපිටිය ඩේලි පාරේ පදිංචි ඇගලින් නාරංගල (84) හැවිරිදි සයදරු මවගේ සිරුරයි.

ඉකුත් (10) දින සිට නිවසේ සිටි තම මව අතුරුදහන් වී ඇති බවට මියගිය කාන්තාවගේ දියණිය විසින් නාවලපිටිය පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා.

මහවැලි ගඟේ නාවලපිටිය පත්තුනුපිටිය වැලිඑක ස්ථානයේ කාන්තා මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට ප්‍රදේශවාසින් විසින් ලබාදුන් තොරතුරක් මත නාවලපිටිය පොලිසිය විසින් සිරුර ගොඩගෙන තිබෙනවා.

සිරුර සම්බන්ධයෙන් නාවලපිටිය මහේස්ත්‍රාත් නිලන්ත විමලරත්න මහතා විසින් ස්ථාන පරික්ෂාව සිදු කළ අතර, එහිදි මහෙස්ත්‍රාත්වරයා නාවලපිටිය පොලිසියට නියෝග කර සිටියේ සිරු පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසයි.

මළ සිරුර ගොඩගත් අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින්,

Rate this item
(6 votes)