September 29, 2021

ලොහාන් රත්වත්තේ අස් කර නීතිය ක්‍රියාත්මක කරන්න: දෙමළ මන්ත්‍රීවරු ඉල්ලයි

September 15, 2021

ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා වහාම බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව දෙමළ ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජන් පොන්නම්බලම් සදහන් කර තිබෙන බව "ද මෝර්නි" පුවත්පත වාර්තා කරනවා.

ඒ අනුරාධපුර බන්ධනාගාරයට බීමතින් ඇතුල් වී එහි රඳවා සිටී කොටි සැකකරුවන් දෙදෙනකු සිර මැදිරිවලින් එලියට ගෙන ඔහු ඉදිරියේ දණ ගස්වා ආයුධ පෙන්වා තර්ජනය කිරීම හේතු කොට ගෙනයි.

මන්ත්‍රීවරයාගේ සටහන

ලොහාන් රත්වත්තේ මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් නොවන්නේ නම් රජයේ විසින් ඔහුගේ සියලුම අහෝසි කළ යුතු බවට පොන්නම්බලම් මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇති බවත් එම පුවත්පතේ සඳහන්.

රාජ්‍ය අමාත්‍යවරයා ධුරයෙන් නෙරපා වහාම අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නඩු පවරන ලෙසත් දෙමළ ජාතික සන්ධානය ද රජයෙන් ඉල්ලා ඉතින් ඒ බව එම පුවත්පත වාර්තා කරනවා.

හෙලිකොප්ටරයකින් පැමිණීම

ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා අනුරාධපුර බන්ධනාගාරය වෙත පැමිණ ඇත්තේ හෙලිකොප්ටරයකින් බවටද හෙලිදරව්ව තිබෙනවා.

එම හෙළිදරව් කර තිබෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා විසින්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 September 2021 13:09