September 29, 2021

විදුලි කනුවේ සිටි මාරයා තරුණයෙක් බිලි ගනී

September 15, 2021

යාපනය කොඩිකාමම් පොලිස් වසමේ කරෙයිකාඩු ප්‍රදේශයේ ඊයේ (14) රාත්‍රියේ යතුරුපැදියක් අනතුරකට ලක්වීමෙන් තරුණයෙකු මිය ගොස් ඇති බවට පොලීසිය පවසනවා.

කරෙයිකාඩු කොඩිකාමම් මාර්ගයේ අධික වේගයකින් තරුණයා විසින් යතුරුපැදිය ධාවනය කර ඇති බවටත් එහිදී වේගය පාලනය කරගැනීමට නොහැකිව යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කනුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලිස් පරික්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

අනතුරින් බරපතල තත්ත්වයේ සිටි යතුරුපැදිකරු චාවකච්චේරි රෝහලට ඇතුෙළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබුණා.

මෙලෙස මිය ගොස් ඇත්තේ කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි එන්.රාසේන්ද්‍රම් නැමති තරුණයෙකු බවට පරික්ෂණ සිදුකරන කොඩිකාමම් පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

(රොමේෂ් මධුෂංඛ - වව්නියාව)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 September 2021 16:58