September 29, 2021

නිවුන් සහෝදරිය තනිකර සියදිවි හානි කරගත් තරුණියට ලැබුණු තීන්දුව

September 15, 2021

ගාල්ල කළුවැල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයේ කාමරයක් තුළදි ගෙල වැළලාගෙන මියගිය තරුණියක් පිළිබඳව අද (15) දිනයේ විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා.

මෙලෙස මියගොස් තිබුණේ කන්‍යා සොයුරියක් වීමට ඉගෙනුම ලබමින් සිටි තරුණියක්.

ඇයගේ මරණය සම්බන්ධව හදිසි මරණ පරික්ෂණය පැවැත්වු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන් කරුණාතිලක මහතා විසින් සිරුරේ කොටස් වැඩිදුර පරික්ෂණ සදහා යොමුකොට මරණය සම්බන්දව විවෘත තීන්දුවක් අද (15) ලබා දුන්නා.

මෙසේ මියගොස් ඇත්තේ 25 හැවිරිදිවියේ පසුවූ මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණියක්.

අදාළ තරුණිය තම නිවුන් සහෝදරිය සමඟ මෙම වර්ෂයේ ජනවාරි මස  ගාල්ල කළුවල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයට ඇතුලත්ව ඇත. ඒ කන්‍යා සොයුරියක් වීම සදහා අධ්‍යාපන කටයුතුවල නිරත වීම සඳහායි.

ඊයේ (14) රාත්‍රී 8.00 පමණ මියගිය තරුණිය රාත්‍රි ආහාරය ගෙන පිටවගොස් තිබෙනවා. ඇය සිය කාමරය තුළ නොසිටි නිසා මියගිය තරුණියගේ නිවුන් සහෝදරිය හා එහි සිටි තවත් දෙදෙනෙකු ඇය සොයා ගොස් තිබුණා.

පසුව සොයා බැලිමේ දී අතුරුදහන්ව සිටි තරුණිය පාළු කාමරයක ජනේලයේ බාල්කයක සාරියකින් ගෙල වැළලාගෙන සිටියදි හමුවී තිබෙනවා.

මරණය සම්බන්ද පශ්චාත් මරණ පරික්ෂණයවිශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවිර මහතා විසින් සිදුකරණු ලැබුවා.

(ලලිත් චාමින්ද - ගාල්ල)

Rate this item
(16 votes)
Last modified on Wednesday, 15 September 2021 17:13