September 29, 2021

ඉල්ලා අස්වූ ලොහාන්ට හිමි ඇමතිධුරය මෙන්න

September 15, 2021

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරයේ ඇතිවූ අර්බුදකාරී තත්ත්වයත් සමඟ අද (15) දිනයේ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වුණා.

අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වුණත් ඔහුට අමාත්‍ය ධූරය අහිමි වන්නේ නැහැ.

එයට හේතුව වී තිබෙන්නේ ලොහාන් රත්වත්තේ මහතා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කිරීමයි. 

ඔහු පෙර සිටම මෙම අමාත්‍ය ධූරයන් දෙකෙහිම කටයුතු කරමින් සිටි අතර ඒ අනුව ලොහාන් රත්වත්තේ මහතා විසින් එම අමාත්‍ය ධූරයෙන් දිගටම කටයුතු කරනු ඇති.

වැලිකඩ බන්ධනාගාරය මිතුරන් පිරිසක් සමඟ බීමතින් ගොස් බලහත්කාරයෙන් බන්ධනාගාරයේ එල්ලුම් ගහ වෙත ගිය බවටත්, අනුරාධපුර බන්ධනාගාරයේ සිරගතව සිටින කොටි සංවිධානයේ සාමාජිකයන්ගේ හිසට ගිනි අවියක් තබා තර්ජනය කිරීමත් යටතේ ලොහාන් රත්වත්තේ මහතාට චෝදනා එල්ල වුණා.

එම චෝදනාවල වගකීම භාර ගනිමින් අමාත්‍යවරයා විසින් සිය බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ඉල්ලා අස්වුණේ ජනාධිපතිවරයාට ලිපියක් ද ලබාදෙමින්.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 15 September 2021 17:28