October 20, 2021

"සිංහලයෙනි අවදි වෙයව්!" කී ධර්මපාලතුමන්ගේ මතකයන් දිරාපත් වෙයි (PHOTOS)

September 17, 2021

හිනිදුම මහාබෝධිවත්ත ප්‍රදේශයේ පිහිටි අනගාරික ධර්මපාල තුමා වැඩ විසු ආවාසයත් මලසුන් ගෙයත් දිරාපත් වී ජරාවාස වෙමින් පවතින බව එම ප්‍රදේශයේ ජනතාව පවසනවා.

අක්කර 180ක වපසරියකින් යුත් මහාබෝධිවත්ත ඉඩම අනගාරික ධර්මපාලතුමා විසින් මිලට ගෙන එහි කාලයක් වාසය කොට තිබුණා.

එම ඉඩමේ ධර්මපාලතුමා විසින් අවාස ගෙයක් හා මලසුන් ගෙයක් ඉදිකොට තිබෙනවා. ධර්මපාලතුමා එහි භාවනායෝගිව වැඩසිටි බවද ප්‍රදේශවාසීන් පවසන්නේ.

අනගාරික ධර්මපාලතුමා  හිනිදුම් පත්තුවට සුවිශාල කාර්යභාරයක් සිදුකොට ඇති බවද ප්‍රදේශවාසින් සඳහන් කරනවා.

හිනිදුම මල්ලිකා විද්‍යාලය, පනන්ගල මහාබෝධි විද්‍යාලය, නෙළුව ජාතික පාසල, නෙළුව අනගාරික ධර්මපාල විහාරය, අනගාරික ධර්මපාලතුමා විසින් සිදුකළ නිර්මානයන් බව ප්‍රදේශවාසින් පවසනවා.

අනගාරික ධර්මපාලතුමා වැඩවාසය කළ ආවාස ගෙය හා මලසුන් ගෙය මේ වනවිට දිරාපත්වෙමින් පවතින අතර මෙම ඓතිහාසික ස්ථාන කඩනමින් ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ප්‍රදේශවාසි ජනතාව  පුරාවිද්‍යා බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

අනගාරික ධර්මපාලතුමාගේ 157 වැනි ඡන්ම දිනය අද (17) දිනයේ යෙදි තිබෙනවා. මහබෝධිවත්තේ පිහිටි අනගාරික ධර්මපාල පිළිරුව අසලදි ජන්ම දින සැමරුම් උත්සයක් නාගොඩ පන්සිළු සංවිධානය මඟින් සංවිධානය කොට තිබුණි. ධර්මපාල පිළිරුවට මල්දම් පළදවා ධර්මපාලතුමාගේ ගුණසිහිපත්කිරිමද මෙහිදි සිදුකරණු ලැබිය.

විචිත්‍ර ධර්ම කථික කඩහිංගල විනිත හිමියන් විසින් මෙහිදි අනුශාසනාවක් සිදුකළ අතර මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රිවරුන්වන විජේපාල හෙට්ටිආරච්, බන්දුලාල් බණ්ඩාරිගොඩ, තවලම ප්‍රාදේශිය සභාවේ සභාපති  තවලම බන්දුල විජේසේකර යන මහත්වරුද එක්ව සිටියා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්,

Rate this item
(1 Vote)
Last modified on Friday, 17 September 2021 00:50

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449