October 20, 2021

අතුරුදහන් වූ පුද්ගලයෙකුගේ සිරුරක් ඔයකින් හමුවෙයි (PHOTOS)

September 16, 2021

ඩෙවෝන් දිය ඇල්ලට ඉහළ ප්‍රදේශයේ ඩෙවෝන් ඔයේ පාවෙමින් තිබු  පුද්ගල මළසිරුරක් අද  (16) සොයා ගත් බව දිඹුල - පතන පොලීසිය පවසනවා.

මෙම මළසිරුර මීට දින කීපයකට ඉහත අතුරුදහන්ව සිටි කොටගල, වුටන් වත්තේ පදිංචිව සිටි ඒ. තංගවේලු (60) නැමැති අයෙකුගේ බවට ඥාතීන් විසින් මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

තලවකැලේ - නාවලපිටිය මාර්ගයේ පතන නගරය සමීපයේ පිහිටි ඩොවෝන් දිය ඇල්ලට ඉහළ පාලම අසල  තිබියදී මෙම මළසිරුර සොයා ගෙන තිබෙන්නේ.

සොයා ගන්නා ලද මළසිරුර බෙහෙවින් නරක්ව ඇති අතර මළසිරුර පිළිබඳව අධිකරණ වෛද්‍ය මරණ පරීක්ෂණ කටයුතු සඳහා නුවරඑළිය මහ රෝහල වෙත රැගෙන යාමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

සිදුවීම වූ ස්ථානයේ ඡායාරූප පහතින්,

(ක්‍රිෂාන්තන් - හැටන්)

Rate this item
(0 votes)
Last modified on Thursday, 16 September 2021 14:11

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449