October 20, 2021

සිරගෙදර යකා නැටූ ඇමතිට අනුබල දුන් ලොක්කන් දෙදෙනෙකු ගැන හෙළිවෙයි

September 16, 2021

හිටපු බන්ධනාගාර කලමණකාරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් මෙරට අධි ආරක්ෂිත බන්ධනාගාර දෙකක සිදුකළ ක්‍රියාවට අනුබල දුන් බන්ධනාගාර උසස් නිලධාරීන් දෙදෙනෙකු පිළිබඳව තොරතුරු මේ වන විට හෙළිවී තිබෙනවා.

සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංගමය විසින් අද (15) දිනයේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කිරීමට පැමිණි අවස්ථාවේ දී එම සංගමයේ සභාපති සේනක පෙරේරා මහතා විසින් මේ බව හෙළි කළා.

රාජ්‍ය අමාත්‍යවරයාට අනුබල දීමේ චෝදනා යටතේ බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක යන අයව අමාත්‍යවරයා සමඟම අත්අඩංගුවට ගත යුතු බවයි එම සංගමය පවසා සිටින්නේ.

ඉකුත් 06 වැනිදා රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් බීමත්ව වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වී එහි එල්ලුම් ගහ බැලීමට ගිය බවත්, ඉන් අනතුරු පසුගිය 12 වැනිදා අමාත්‍යවරයා විසින් නැවතත් අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි සිරගත කර සිටි එල්.ටී.ටී.ඊ සිරකරුවන් දෙදෙනෙකුට හිසට ගිනි අවියක් තබා තර්ජනය කිරීම යන චෝදනා අමාත්‍යවරයාට එල්ල වුණා.

ඊයේ (15) දිනයේ අමාත්‍යවරයා විසින් එහි වගකීම භාරගෙන ඉල්ලා අස්වීම ජනාධිපතිවරයාට භාර දෙනු ලැබුවා.

Rate this item
(2 votes)
Last modified on Thursday, 16 September 2021 15:54

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449