October 20, 2021

"අපි අමාරුවේ වැටෙනවා" - බැරිකම ගැන ඇමැති ලොකුගේ කියයි

September 17, 2021

විදුලි පාරිභෝගිකයින් දිගින් දිගටම විදුලි බිල් නොගෙවීම හේතුවෙන් මේ වනවිට විදුලිබල මණ්ඩලය විශාල ආර්ථික ගැටලුවකට මුහුණ දෙමින් සිටින බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

බිල් ගෙවීම සඳහා පාරිභෝගිකයින් උනන්දු කරවීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙලෙස අදහස් පළ කර තිබුණා.   

"තවත් මාසයක් දෙන්න ගියොත් අපි අමාරුවේ වැටෙනවා. දැනට විදුලි බිල් විතරක් බිලියන 44ක් විතර අය වෙන්න තියෙනවා. දැනට අපි ඒවට පොළිය එකතු කරන්නේ නෑ.  12% අතුරු ගෙවීමක් දාලා අපි දැන් ඒ අයව උනන්දු කරනවා. පුළුවන් අයත් ගෙවන්නේ නෑ. ඒකයි ගැටලුව. අපි ඉල්ලන්නේ විදුලි බිල් ගෙවන්න කියලයි."

Rate this item
(0 votes)

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449