October 20, 2021

නාවලපිටියම කම්පා කළ මාරක අනතුර : රියදුරු පලා ගිහින් (VIDEO)

September 20, 2021

නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් ආපදා රථයකට යට වී 71 හැවිරිදි දෙදරු පියෙකු ජිවිතක්ෂයට පත් වී ඇති බව නාවලපිටිය පොලිසිය පවසනවා.

මෙසේ ජිවිතක්ෂයට පත් වී ඇත්තේ නාවලපිටිය පැණිතුඩුව ප්‍රදේශයේ පදිංචි සරත් කුමාර පියදාස (71) නැමති දෙදරු පියෙක්.

නාවලපිටිය ලංගම ඩිපෝවේ සිට ගිනිගත්හේන දක්වා ධාවනය කර ඇති ආපදා රථයට යට වී මෙම පියා මියගොස් තිබෙනවා.

සිදුවීමෙන් ගිය ගිය පුද්ගලයා ඊයේ (19) පස්වරු 5 ට පමණ එම මාර්ගයේ නාවලපිටිය අනුරුද්ධ ප්‍රාථමික විද්‍යාලය අසලදී මෙම රථයේ ගැටී තිබුණා.

අනතුර පොලීසියට වාර්තා නොකර ආපදා රථයේ රියදුරු පලා යමින් සිටියදි නාවලපිටිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් ලුහුබැද ගොස් සැකකාර රියදුරා අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගත් අවස්තාවේ ඔහු බිමත්ව සිටි බවත්, තුවාලකරු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ජිවිතක්ෂයට පත් වී ඇති බවයි අනතුර පිළිබදව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය කිය සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකාර රියදුරා නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

අදාළ සිදුවීමේ වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 September 2021 11:30

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449