October 20, 2021

පොද්දල කැළඹූ අනතුරු : පාරේ නිදා සිටියදී යතුරු පැදියට යට වූ පුද්ගලයා දිනකට පසුව මිය යයි!

September 27, 2021

පොද්දල, හිරිගල්කැටිය මාර්ගයේ වැටී සිටි පුද්ගලයකුගේ ශරිරය මතින් යතුරුපැදියක් ධාවනය වීමෙන් වු අනතුරකින් එම පුද්ගලයා මියගොස්  ඇති බව වදුරඹ පොලීසිය පවසනවා.

මියගොස් ඇත්තේ 55 හැවිරිදිවියේ පසුවන මැදකිඹිය, පාලුවත්ත ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.ජි. සිරිල් නැමති අයෙක්.

පසුගිය 25 වැනිදා යතුරුපැදිකරු පොද්දල දෙසට අධික වේගයෙන් යතුරුපැදිය ධාවනය කොට ඇති අතර මියගිය පුද්ගලයා මාර්ගයේ නිදා සිට ඇති අතර ඔහුගේ සිරුරමතින් යතුරුපැදිය ධාවනය වි ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වී තිබෙනවා.

පසුව යතුරුපැදියට යටවු පුද්ගලයා යතුරුපැදිකරු සමඟ කථාබස්කොට ඇති අතර පොලිසියට යාමට අවශ්‍ය නොවන බව පවසා නිවසට ගොස් තිබූ බවද වාර්තා වෙනවා.

ඊයේ (26) පස්වරු 2.30ට පමණ අනතුරට පත් පුද්ගලයා තමන්ගේ ඇග රිදෙන බව නිවැසියන්ට දැනුම් දී තිබෙනවා.

නිවැසියන් මේ පිළිබද 1990 ගිලන් රථ සේවාවට දැනුම් දී ඇති අතර ගිලන් රථයෙන් පැමිණ නිලධාරින් පැමිණීමෙන් පසුව අනතුරට මුහුණ දුන් පුද්ගලයාව පරික්ෂාකොට  බලා මියගොස් ඇති බව දැනුම් දී තිබෙනවා.

පසුව මේ පිළිබද පොලිසිය මගින් පරික්ෂණයක් ආරම්භකොට ඇති අතර අනතුරට අදාළ යතුරුපැදිකරු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සිද්ධියත් සමග උරණ වු යතුරුපැදිකරුගේ සහෝදරයකු ඇතුළ 05 දෙනෙකු විසින් යතුරුපැදිකරුගේ නිවසට ගොස් කලහකාරි ලෙස හැසිරි ඇති අතර මේ පිළිබද යතුරුපැදිකරුගේ මව විසින් පොලිසියට පැමිණිලිකොට ඇත.

වදුරඹ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වමින් සිටිනවා.

(ලලිත් චාමින්ද - ගාල්ල)

Rate this item
(0 votes)
Last modified on Monday, 27 September 2021 16:42

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449