October 20, 2021

මරණයට අත දමා ගොඩ වුණු ප්‍රියංකාගේ අවාසනාවන්ත ඉරණම

September 27, 2021

නෙළුව තවලම ප්‍රධාන මාර්ගයේ මාවනාන ප්‍රදේශයේ දී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලියාමෙන් වු අනතුරකින් යතුරුපැදියේ පිටුපස ගමන්කරමින් සිටි දෙදරුමවක් මියගොස් ඇති බව මියගිය දෙදරුමවගේ හදිසි මරණ පරික්ෂණ සාක්ෂි විභාගයේ දි අනාවරණය වී තිබුණා.

ඊයේ (26) පස්වරුවේ දි වු මෙම අනතුරෙන්  මියගොස් ඇත්තේ  වක්මුල්ල නෙළුව ප්‍රදේශයේ පදිංචි වක්මුල්ලගමගේ ප්‍රියංකා රුක්මනි නැමති 28 හැවිරිදි වියේ පසුවූ තරුණ මවක්.

අනතුරවන අවස්ථාවේ ඇය හිස්වැසුමක් පැළද නොසිටි බවද අනාවරණය වී තිබෙනවා.

මිය ගිය කාන්තාව මාවනාන ප්‍රදේශයට යාම සදහා නෙළුව හන්දියේ සිට තිබෙන අතර අනතුරට අදාළ යතුරුපැදිකරු නෙළුවේ සිට මාවනාන දෙසට යමින් සිටියදි මෙම කාන්තාව අතදමා යතුරුපැදිය නතරකොට යතුරුපැදියට ගොඩවී තිබුණා.

මාවනාන ප්‍රදේශයේ දි ත්‍රිරෝද රථයකට ඉස්සරකිරිමට යාමේ දි යතුරුපැදිකරුට යතුරුපැදිය පාලනය කරගැනිමට නොහැකිව ලිස්සා ගොස් යතුරුපැදිය පෙරලි අනතුර සිදුව තිබුණා.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු කාන්තාව නෙළුව මැදගම රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් තිබුණු බවයි අප වාර්තාකරු පැවසුවේ.

මියගිය කාන්තාවගේ හදිසි මරණ පරික්ෂණය  හබරකඩ හදිසි මරණ පරික්ෂක එල්.වි ගුණතිලක මහතා විසින්  සිදුකරණු ලැබූ අතර ඇයගේ මළ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමුකොට තිබෙනවා.

33 හැවිරිදිවියේ පසුවන අනතුරට අදාල යතුරුපැදිකරු නෙළුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

(ලලිත් චාමින්ද - ගාල්ල)

Rate this item
(0 votes)
Last modified on Monday, 27 September 2021 16:42

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449