October 20, 2021

පළමු වැනිදා රට විවෘත කරන තීන්දුවට දින දෙයි

September 28, 2021

ඔක්තොම්බර් 01 වැනිදා ර විවෘත කිරීම සම්බන්ධව තීරණය ඉදිරි දින 2 - 3ක කාලය තුළ දී අනිවාර්යෙන්ම දැනුම් දෙන බවට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

රට විවෘත කළ පසුව රාජ්‍ය ආයතන සහ ප්‍රවාහන සේවා පවත්වාගෙන යනු ලබන ක්‍රමවේද සකස් කිරීම සඳහා කොවිඩ් කාර්ය සාධක බළකාය විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇති බවද හමුදාපතිවරයා පවසා සිටියා.

හමුදාපතිවරයා එහිදී පවසා සිටියේ ඔක්තෝබර් 1 වන දා පසුව රට විවෘත කළ යුතු ද? නැතිනම් තවදුරටත් පවත්වාගෙන යන්නේ ද තීරණය ඊළඟ දින දෙක තුනේ දී අනිවාර්යෙන් ම දැනුම්දීමට කටයුතු කරන බවයි.

ප්‍රවාහන කේෂ්ත්‍රය හා අනෙකුත් ආයතන පවත්වාගෙන යන ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් පිළිපැදිය යුතු උපදෙස් මාලාව සකස් කර ගැනීමට මේ වන විටත් අමාත්‍යාංශවලට දැනුම්දී ඇති බවත් හමුදාපතිවරයා පවසා සිටියා.

අද (28) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදීද කැබිනට් සම ප්‍රකාශයක, රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ද පවසා සිටියේ එළැඹෙන සිකුරාදා වන විට රට විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණය දැනුම් දෙන බවයි.

Rate this item
(5 votes)
Last modified on Tuesday, 28 September 2021 12:20

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449