October 20, 2021

පාරුව රැකීමට ගිය තාත්තාගේ ජීවිත සැඩ පහර බිලිගනී (VIDEO)

September 28, 2021

අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟේ පාරුවක් ගැට ගැසෙීමට ගිය දෙදරු පියෙකු මහවැලි ගඟේ සැඩ පහරට හසු වී ජිවිතක්ෂයට පත් වී ඇති බව නාවලපිටිය පොලිසිය පවසනවා.

මෙසේ මහවැලි ගඟේ සැඩ පහරට හසු වී ජිවිතක්ෂයට පත් වී ඇත්තේ නාවලපිටිය මැදගහවතුර ප්‍රදේශයේ පදිංචි කේ.ජි.තිස්ස නැමති (54) හැවිරිදි දෙදරු පියෙක්.

මහවැලි ගඟේ මැදගහවතුර ප්‍රදේශයේ හෙල්ලෙන පාලම කඩා වැටී ඇති නිසා එම ගම්මානයේ වැසියන් මහවැලි ගඟ තරණය කරනු ලබන්නේ පාරුවකින්.

ඊයේ (27) දිනයේ පස්වරුවේ නාවලපිටිය ප්‍රදේශයට ඇද හැලුණ අධික වර්ෂාවත් සමඟ මිය ගිය පුද්ගලයා විසින් පාරුව ලණුවකින් ගැට ගැසීමට ගිය අවස්තාවේ ඔහු මහවැලි ගගේ සැඩ පහරට හසු වී අතුරුදහන් වී තිබුණා.

අතුරුදහන් වු කේ.ජි.තිස්සගේ සිරුර අද (28) දින අතුරුදහන් වු ස්ථානයේ සිට කිලෝමිටර් 1 ½ පමණ දුරින් පිහිටි නාවලපිටිය මල්ලන්ද ප්‍රදේශයේ මහවැලි ගගේ තිබි ප්‍රදේශවාසින් විසින් සොයාගෙන තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වනවා.

අදාළ සිදුවීමේ වීඩියෝ දර්ශන පහතින්,

(රංජිත් රාජපක්ෂ - හැටන්)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 September 2021 14:49

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449