October 20, 2021

ඉන්දියාවම හෙල්ලූ යොහානි නැවතත් ලංකාවට එයි - අලුත් වැඩක් ගැනත් හෙලිකරයි (PHOTOS)

"ඉන්දීය ජනතාව ශ්‍රී ලංකාව ගැන දැනගෙන සිටියත්  සිංහල භාෂාවක් තියෙනවා කියලා දන්නෙ නැති නිසා ඒ ජනතාව අහපු නැති භාභාෂාවකින් මම ගීතයක් ගායනා කළාම එය අතිශයින්ම ඉන්දියාව පුරා මෙන්ම ලෝකය පුරාමත් ජනප්‍රිය වූණා" යැයි මෙරට ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා පවසා සිටියා.

ඇය මේ බව පවසා සිටියේ ඇයගේ ඉන්දියානු සංචාරය නිමවා අද (13) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී.

යොහානි වැඩිදුරටත් පවසා සිටියේ ඉන්දියානු ජනතාවගෙන් ඉතා හොද ප්‍රතිචාර හිමි වුණු බවත් තමා ඒ පිළිබඳව බොහෝ සතුටු වන බවයි.

“මගේ ඊළඟ බලාපොරොත්තුව මගේ සිංහල ගීත 12 ක් ඇතුළත් ගීත ඇල්බමය ඉදිරිපත් කිරීමටයි, දැන් ඒ ඇල්බමයේ ගොඩක් වැඩ අවසන් කරල තියෙනවා” යැයි ද ගායිකා යොහානි ද සිල්වා ඒෂියන් මිරර් කළ විමසීමේදී පවසා සිටියා.

ඇය ඊයේ (12) රාත්‍රී 11.25 ට ඉන්දියාවේ මුම්බායි සිට, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණයා.

කටුනායක ගුවන් තොටුපළ තුළ දී ශ්‍රී ලංකා යුධ හමුදාව සහ ගුවන් තොටුපළ ආරක්ෂක භටයින් විසින් විශේෂ ආරක්ෂාවක් සළසා දී තිබූ අතර විශේෂ රිය පෙරහැරකින් ඇය කොළඹ බලා ගුවන් තොටුපළේ සිට රැගෙන යාමට පියවර ගෙන තිබුණා.

යොහානි පැමිණි අවස්ථාවේ ඡායාරූප පහතින්,

(ටී.කේ.ජී.කපිල - කටුනායක)

Rate this item
(3 votes)
Last modified on Friday, 15 October 2021 18:56

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449