October 20, 2021

එස් බී වගකීම ඉල්ලයි : මට බාර දුන්න නම් ගුරු විදුහල්පතිවරු මේ වෙනකොට වැඩ

විදුහල්පති ගුරු වර්ජනය විසඳන හැටි තමන් දන්නා බවයි ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සදහන් කරන්නේ.

ඒ සඳහා විකල්ප දෙකක්ද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

විසඳුම් මාර්ග දෙක

ගුරු මව්වරුන් හා ගුරු පියවරුන් පාසල් වලට පැමිණ ඉගැන්වීම් කටයුතු ආරම්භ කිරීම ඉන් එකක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එසේ නැතිනම් එම වර්ජනය මර්දනයෙන් පරාජය කොට පාසල් පටන් ගත යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ ඒ දේවල් අතීතයේද කර තිබෙන බව මතක් කර දෙමින්.

විදේශ රටවල උදාහරණ

සිංගප්පූරුව , මැලේසියාව හා චීනය වැනි රටවල් වල නායකයින් මෙවැනි වර්ජන වලට ඉඩදී ඉඩ දී ගෙන සිටියා නම් එම රටවල් අදටත් ශ්‍රී ලංකාව බැරි දුප්පත් රටවල් බව මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

ඒ රටවල් පොහොසත් රටවල් වූයේ විරෝධතා මර්ධනය කර වැඩේ කරපු නිසා බව සඳහන් කරන මන්ත්‍රීවරයා ජනපතිවරයා හා අගමැතිවරයා මේ ගැටළුවට සාමකාමී විසඳුමක් සෙවීමට යන බව පෙන්වා දෙනවා.

දිසානායක මන්ත්‍රීවරයා මේ බැව් සඳහන් කළේ මාධ්‍ය අමතමින්.

අවසන් තීන්දුව

ගුරු විදුහල්පති සමිති නායකයින් හා අගමැතිවරයා අතර ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා සාකච්ඡාව පැවැත්වුවා.

එහෙත් වර්ජනය අවසන් කරන බව තවමත් එම සමිති ප්‍රකාශ කර නැහැ.

ඒ ගැන තීන්දුව හෙට (14) ප්‍රකාශ කරන බවයි එම සමිති සඳහන් කරන්නේ.

මර්දනයට ප්‍රසිද්ධිය

එස්.බී.දිසානායක මහතා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී සිසු උද්ඝෝෂණ මර්දනයෙන් යටපත් කිරීමට කටයුතු කළ කෙනෙක්.

තම අමාත්‍යධුරය යටතේ සිසු උද්ඝෝෂකයන්ට ඔලු පැලෙන්න පහරදී මර්දනය කර ආකාරය දිසානායක මන්ත්‍රීවරයා බොහෝ අවස්ථාවල ප්‍රසිද්ධියේම අගය කළ කාරණයක්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 October 2021 13:37

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449