October 20, 2021

"රට තනිකරම විකාරයක්" - විමල්ගේ කතාව කරළියට

විමල් වීරවංශ අමාත්‍යවරයා පසුගිය යහපාලන ආණ්ඩු සමයේ විපක්ෂයේ සිටින අවධියේ කළ ප්‍රකාශ දැන් එකින් එක එලියට එනවා.

විශේෂයෙන්ම ඩොලරය රුපියලට සාපේක්ෂව ඉහළ යෑම වැළැක්වීමට බැරිනම් මෙන්ම ජාත්‍යන්තර මිල ගණන් වලට අනුව කටයුතු කිරීමට නම් ජනපතිවරයෙක් හෝ ඇමතිවරුන් අවශ්‍ය නැති බව වීරවංශ මහතා විපක්ෂයේ සිටිද්දී නිරන්තරයෙන් ප්‍රකාශ කළ කරුණක්.

ප්‍රසිද්ධ වීඩියෝ පටය

එවන් ප්‍රකාශයක් කරන වීඩියෝ පටයක් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා විසින් මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කළා.

එහි ඇතුළත් වන්නේ වීරවංශ මහතා නායකත්වය පිළිබඳව ඉදිරිපත් කරන දේශනයක්.

එහි සඳහන් වන්නේ මෙන්න මේ ආකාරයට.

ජනපති , අගමැති , ඇමතිවරු

"ලෝකයේ ආර්ථික අර්බුදයක් තිබෙනවා.ඒ නිසා හැමදේම අවප්‍රමාණය වෙනවා.මම ඒකට මොනවා කරන්නද කියන එක නෙවෙයි නායකත්වය.එහෙම කියන්න නායකයෝ ඕනෙ නැහැ."

ලෝකයේ ඩොලරය ශක්තිමත් වෙනවා , ඒ නිසා හැම තැනම වැටෙනවා , අපිත් වැටෙනවා , මොනව කරන්නද ඉදිරියටත් වැටෙනවා අපි මොනවා කරන්නද කියන්න මුදල් ඇමතිවරු අවශ්‍ය නැහැ , අගමැතිලා ඕනේ නැහැ , ජනපතිලා ඕනෙ නැහැ."

එම දේශනය අවසානයේ වීරවංශ මහතා සඳහන් කරන්නේ මේ රට තනිකරම විකාරයක් බවයි.

හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා එම වීඩියෝ පටිය ඉදිරිපත් කිරීමට පාදක කර ගත්තේ දිනෙන් දින ජාත්‍යන්තර වෙළෙඳ පොළේ  ඉහළ යන භාණ්ඩ මිල පාලනය කිරීමට තමන්ට නොහැකි බව ආණ්ඩුවේ ඇමතිවරුන් කරන ප්‍රකාශ වලට ප්‍රතිචාර දක්වමින්.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 13 October 2021 13:39

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449