October 20, 2021

යොහානි ද සිල්වාට ජාතික සම්මානයක් දීමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ - මහචාර්ය නලින් ද සිල්වා

යොහානි ද සිල්වා ජාතික සම්මානයකින් අගය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බැව් මහාචාර්ය නලින් ද සිල්වා පෙන්වා දෙනවා.

 ඊට හේතු ද පෙන්වා දෙමින්.

ඉන්දියාවේ සැලැස්ම

යොහානි ද සිල්වාගේ ගීතය ජනප්‍රිය කිරීම ඉන්දියාවේ සැලැස්මකට අනුව සිදුවන දෙයක් බැවින් මෙරට රජය සම්මාන දීමේ අවශ්‍යතාවයක් නැති බවයි මහාචාර්යවරයා සඳහන් කරන්නේ.

ආණ්ඩුවට මේ අවස්ථාවේ සිංහල මිනිස්සු ඉන්නෙ කොතැනදැයි තේරුමක් නැති බව නලින් ද සිල්වා මහතා අනාවරණය කරනවා.

ආණ්ඩුව මේ වගේ වැඩක් කරන්නේ ඉන්දියාව සතුටු කිරීමේ හා මේ රටේ ඡන්දදායකයා සතුටු කිරීමේ අරමුණින් බව සිය මතය බවයි මහාචාර්යවරයා සඳහන් කරන්නේ.

ඡන්දදායකයාගේ කැමැත්ත

මේ වැඩේට ඡන්දදායකයා කැමති වීමටත් ඉඩ තිබෙන බවද මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ ඒ අපේ මිනිහෙකුට තැනක් ලැබීම ගැන ඇතමුන් තුළ මානසිකත්වය තිබීම ඊට හේතුව ලෙස පෙන්වා දෙමින්.

සිංහලයන් තුළ අද ඊයේ සිට නොව අනාදිමත් කාලයක සිට ඉන්දියාව පිළිබඳව අප්‍රසාදයක් තිබීම ප්‍රසාදයක් බවට පත්කර ගැනීම මෙම ගීතය ඉන්දියාවේ ජනප්‍රිය කරවීමේ හේතුව ලෙසයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ඒ හරහා කොළඹ වරායේ බටහිර ජැටිය , ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට බද්දක් ලෙස ලබා ගැනීම පිළිබඳව සිංහල ජනතාව තුළ තිබෙන අප්‍රසාදය යටපත් කිරීම ඉන්දියාවේ සැලැස්ම බවයි.

මහාචාර්ය නලින් ද සිල්වා මේ අදහස් පළ කළේ ඒෂියන් මිරර් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය

යොහානි ද සිල්වා යළි මෙරටට පැමිණීමෙන් පසු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික සම්මානයකින් නැගීමට සියලු කටයුතු සූදානම් බව උරුමයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මීට ටික දිනකට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

 සමගි ජන බලවේගයේ හේශා විතානගේ මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

Rate this item
(23 votes)
Last modified on Wednesday, 13 October 2021 18:41

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449