October 20, 2021

හොර බඩු ගුවන්තොටුපොළෙන් පැන්නූ හැටි හොයන්න රේගුවෙන් පරික්ෂණයක්

ගුවන් මගියකු ඉන්දියාවේ සිට නීති විරෝධීව රැගෙන ආ කරදමුංගු, කහ තොගයක් කටුනායක ගුවන්තොටුපලෙන් පිට කිරීමට රේගු නිලධාරියෙක් සහාය දැක්වූ වාද යන්න සොයා බැලීමට රේගු පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පවසනවා.

මේ සදහා ගුවන්තොටුපළ සීසීටීවී දර්ශන පරීක්ෂාවට ලක් කෙරෙන බවත් එම පරීක්ෂණය ගුවන්තොටුපළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ වරයෙක් යටතේ විමර්ශන සිදු කරන බවත් හෙතෙම සඳහන් කළා.

අදාළ ගුවන් මගියා සිය ගමන් මල්ලේ සම්පූර්ණයෙන්ම කරදමුංගු සහ කහ ගබඩා කරගෙන පැමිණ ඇති බවත් චෝදනා ලාභී රේගු නිලධාරියාගේ සහයෙන් ගුවන් තොටුපලෙන් පිටවී ඇති බවත් වාර්තා වන අතර එම සිද්ධිය සත්‍යදැයි සොයා බැලීමට විමර්ශන සිදු කරනවා.

ඔහු ගුවන් තොටුපලෙන් පිටවීමෙන් පසුව වෙනත් රේගු නිලධාරීන් කණ්ඩායමකට ඇති වූ සැකය මත කළ පරීක්‍ෂාවකදී ගමන් මල්ලේ තිබී කරමුංගු කිලෝ හයක් සහ ඉන්දියාවේ නම ගිය කහ වර්ගයක පැකට් 88 ක් සොයාගෙන ඇති අතර රේගු පරිශ්‍රයෙන් පිටව ගොස් ඇති ගුවන් මගියා පිටත අසුන් ගෙන සිටියදී රේගු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 13 October 2021 15:32

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449