October 20, 2021

රාජ්‍ය ඇමති වියාලේන්ද්‍රන් නෝර්වේ සහ නෙදර්ලන්ත තානාපතිවරු හමුවෙයි

පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා සහ ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති ජෙරන්ලි එස්කෙඩාල් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති ටන්ජා ගොන්ෆ්ග්‍රිජ් මහත්මිය අතර හමුවක් පසුගිය 12 වැනිදා පවත්වා තිබෙනවා.

මෙම හමුවේදී නැගෙනහිර පළාතේ අධ්‍යාපන, ආර්ථික හා සෞඛ්‍ය වර්ධනය පිළිබඳව සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

නැගෙනහිර පළාතේ තරුණියන්ට රැකියා අවස්ථා ඇති කිරීම සඳහා ආර්ථික සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයෝජනය කරන ලෙස නෝර්වේ සහ නෙදර්ලන්ත තානාපතිවරුන්ගෙන් ඉල්ලා තිබෙනවා. 

රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන් මහතා ද රජයේ අඛණ්ඩ සංවර්ධන වැඩසටහන් සහ කොවිඩ් -19 වසංගතය පාලනය කිරීම සඳහා දැනට ගෙන යන වැඩසටහන් පිළිබඳව දැනුවත් කර තිබෙනවා.

Rate this item
(0 votes)

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449