October 23, 2021

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ටත් අධිකරණයෙන් ඇප හිමිවෙයි Featured

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව නඩුවෙන් සහ ඉෂාලිනි නම් බාලවයස්කාර දැරියගේ මරණය සම්බන්ධ නඩු ද්විත්වයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා හට ඇප හිමිවී තිබෙනවා.

මෙහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩුවට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් සහ ඉෂාලිනිගේ මරණය සම්බන්ධ නඩුවෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් මෙලෙස ඇප ලැබී තිබුණා.

බාල වයස්කාර දැරියගේ මරණය සම්බන්ධ නඩුවේදී මන්ත්‍රීවරයා හට රුපියල් ලක්ෂ 10ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙස අධිකරණය නියෝග කළ අතර මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනමක්ද පැනවීමට කටයුතු කර තිබෙනවා.

සිදුවීමට අදාළ නඩු විභාගය 2022 වසරේ පෙබරවාරි 18 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 October 2021 14:43
© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449