October 23, 2021

අලුත් වෙළෙඳසැලේ වැඩ අරඹන්න කළින් පොලී මුදලාලිට වෙඩි තබයි

හබරාදුව හීනටිගල පොල්හේන ප්‍රදේශයේ දී පුද්ගලයෙකු මිලිමීටර නමයේ ගිනි අවියකින් අද (14) පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කොට ඇති බව හබරාදුව පොලිසිය පවසනවා.

මියගිය පුද්ගලයා විසින් අලුතෙන් මිලදී ගත් වෙළඳසැල ඉදිරිපිට තණකොළ කපමින් සිටියදී මෙලෙස වෙඩි තබා ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ තුවාලකරු කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා මුදල් පොලීයට ලබාදෙන අයෙකු බවද පොලිසිය පවසා සිටියා.

අදාළ පුද්ගලයා විසින් දෙමහල් ගොඩනැගිල්ලක් ඇපයට ගෙන මුදල් ලබාදී ඇති අතර එම මුදල් නැවත නොගෙවීම නිසා අදාළ ගොඩනැඟිල්ල සින්නවී තිබෙනවා. 

පසුව මිය ගිය පුද්ගලයා විසින් අදාළ ගොඩනැගිල්ල පිහිටි ගෙවත්තේ තණකොළ කපන සිට තිබුණු අතර එම අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදු කොට ඇති බවට පොලිසිය සැක පළ කරන අතර ඝාතනය සම්බන්ධව හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

(ලලිත් චාමින්ද - ගාල්ල)

Rate this item
(2 votes)
Last modified on Friday, 15 October 2021 19:02
© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449