October 23, 2021

වැලිකඩ බන්ධනාගාරයේ ඉරාන සිරකරුවන් පිරිසක් නිසා කලබලයක්

වැලිකඩ බන්ධනාගාරයේ සිටි ඉරාන ජාතික සිරකරුවන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

මෙයට හේතුව වී ඇත්තේ අදාළ ඉරාන ජාතික සිරකරුවන් 12 දෙනෙකු විසින් පිරිසුදුකාරක ද්‍රව්‍යයක් පානය කිරීමයි.

එම සිරකරුවන් අතරින් 10 දෙනෙකු බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබුණු අතර අනිත් දෙදෙනා මියගොස් තිබුණා.

මෙම ඉරාන ජාතිකයන් 12 දෙනා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සිරගතව සිටින අය බවටයි වාර්තා වන්නේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා මේ බව තහවුරු කර තිබෙනවා. 

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 October 2021 18:23
© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449