2023 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 8:29
හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ව්‍යාපාරය සිය වත්කම් අධිතක්සේරු කිරීමට වරදකරු බව නිව් යෝර්ක් හි සිවිල් අධිකරණයක් නිගමනය කර තිබෙනවා.
ට්‍රම්ප් මෙසේ සිය වත්කම් අධිතක්සේරු කර ඇත්තේ වඩා වාසිදායක කොන්දේසි මත බැංකු ණය සහ රක්ෂණ ආවරණ ලබාගැනීම උදෙසා බවයි සඳහන් වන්නේ.
මේ අනුව ට්‍රම්ප් සිය දේපළ ඩොලර් බිලියන 2.23 ත් 3.6 ත් අතර ප්‍රමාණවලින් අධිතක්සේරු කර ඇති බවයි සඳහන් වන්නේ.
නිව් යෝර්ක් ප්‍රාන්ත නීතිපති ලෙටීශියා ජේම්ස් මෙම නඩුව පවරා තිබුණේ ට්‍රම්ප් සහ ඔහුගේ වැඩිමහළු දරුවන්ටත්, ට්‍රම්ප්ගේ ව්‍යාපාරයෙහි විධායකයින් දෙදෙනකුටත් එරෙහිවයි. ට්‍රම්ප්ට නිව් යෝර්ක් ප්‍රාන්තය තුළ ව්‍යාපාර කිරීම ද තහනම් කළ යුතු බවයි ජේම්ස් ඉල්ලා සිටින්නේ. මෙම නඩුකරයේ ඇතුලත් කරුණු පිළිබඳ විසඳීමකට පැමිණීමට මීළඟ සතියේදී අධිකරණ විභාගයක් ඇරඹීමට නියමිත බවයි මාධ්‍ය වාර්තා පැවසූයේ.
2026 ජනවාරි 11, ප.ව. 11:50
2026 ජනවාරි 10, ප.ව. 9:05
2026 ජනවාරි 10, පෙ.ව. 2:27
2026 ජනවාරි 07, ප.ව. 12:58
2026 ජනවාරි 06, ප.ව. 2:56