2022 ඔක්‍තෝබර් 22, පෙ.ව. 6:14
පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවලදී පාර්ලිමේන්තුව නැරඹීමට සහ පාර්ලිමේන්තු විවාද නැරඹීමට පාසල් දරුවන් සඳහා අවස්ථාව ලබා දීම පිළිබදව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමතිය ඊයේ (21) හිමිව තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තු සභාගර්භයේ ඇති මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු විවාද සජීවීව නැරඹීමේ අවස්ථාව පාසල් දරුවන් වෙත හිමිවනවා.
කොවිඩ් තත්ත්වය සහ ආරක්ෂක හේතුන් මත පාර්ලිමේන්තුව නැරඹීම සදහා පනවා තිබූ සීමාවන් පසුගිය සැප්තැම්බර් 20 දින සිට ලිහිල් කළද පාර්ලිමේන්තු රැස්වීම් දිනවලදී ඒ සඳහා අවස්ථාව හිමි නොවිණි.
මේ අනුව, පාසල් බලධාරීන් හට තම අයදුම්පත් වේත්‍රධාරි වෙත ලිපියක් මඟින්, ෆැක්ස් මඟින් (0112777473/ 0112777335) හෝ www.parliament.lk වෙබ් අඩවිය හරහා මාර්ගගතව අයදුම් කළ හැකියි.
2026 ජනවාරි 12, ප.ව. 5:48
2026 ජනවාරි 12, ප.ව. 12:46
2026 ජනවාරි 12, ප.ව. 12:31
2026 ජනවාරි 12, ප.ව. 12:15
2026 ජනවාරි 12, පෙ.ව. 11:46