hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 අප්‍රේල් 19, පෙ.ව. 8:02



විකට නළුවෙකු වන බන්දු සමරසිංහ තමාව ඉතාලියේ කොන්සල්වරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ ඇතිව තිබෙන කතිකාවතට පිළිතුරු ලබා දෙනවා.

ඒ ඔහුගේ යූ ටියුබ් චැනලය හරහා වීඩියෝ පටයක් නිකුත් කරමින්.

ප්‍රතික්ෂේප කිරීම

එම තනතුර තමා තරයේ ප්‍රතික්ෂේප කළ බව සමාජ මාධ්‍ය සඳහන් කරන බව පෙන්වා දෙන ඔහු එම තනතුර එසේ තරයේ ප්‍රතික්ෂේප කිරීමට තමා එය තරයේ ඉල්ලුවේ නැති බව පෙන්වා දෙනවා.

ඔහුගේ සුප්‍රකට පාඨයක් වන “මාර වැඩේ ලංකාවට වෙලා තියෙන්නේ” යන පාඨයද යළි මතක් කරමින් ඔහු අවධාරණය කරන්නේ තමා ඉල්ලුවේ නැති දෙයක් ප්‍රතික්ෂේප වී ඇති බවයි.

එසේ සඳහන් කරන ඔහු සිය පාඨකයන්ගෙන් ඉල්ලීමක්ද කරනවා.

පාඨකයන්ගෙන් කරන ඉල්ලීම

ඒ තමාගේ යූටියුබ් චැනලයේ පළවෙන ප්‍රවෘත්තියක් හැර තමා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල පලවන වෙනත් ප්‍රවෘත්ති විශ්වාස නොකරන ලෙසටයි.

ඊට හේතුව ලෙස පෙන්වා දෙන්නේ තමාගේ රසික රසිකාවියන් මේ ප්‍රවෘත්ති නිසා දුක් වීම තමාටද දුකක් වන බවයි.

සමාජ මාධ්‍ය ජාලා තමාව මීට පෙර දෙවතාවක්ම පණ පිටින් සිටියදීම මැරූ බව ඔහු සඳහන් කරනවා.

තනතුරට නම් කිරීම

එසේ සඳහන් කරන ඔහු පෙන්වා දෙන්නේ ඉතාලියේ කොන්සල්වරයා තනතුර සම්බන්ධයෙන් කතිකාවතද ඒ ආකාරයේම වැඩක් බවයි.

තමා එම තනතුර ඉල්ලුවේ නැති මුත් තමාව එම තනතුර සදහා නම් කළ අය අතරට නම් කිරීම ගැන තමාට කරන්නට දෙයක් නැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.