hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 අප්‍රේල් 16, පෙ.ව. 10:51



හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ  ඔහුගේ බිරිඳ කොවිඩ් රෝගී තත්ත්වය හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා. 

මේ වන විට නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ  ඔහුගේ බිරිඳ ගේ සෞඛ්‍ය මට්ටම යහපත් බවයි වාර්තා වන්නේ.

හිටපු මුදල් අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ කොවිඩ් ආසාදිත බව ඊයේ(15) දිනයේදී වාර්තා වුණා. 

ඒ සිදුකළ PCR පරීක්ෂණයක දීයි. 

කොවිඩ් ආසාදිත හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බුස්ටර් එන්නත ලබාගෙන නොමැති අතර ඔහුගේ බිරිඳ පුර්ණ ලෙස එන්නත්කරණයට ලක්ව ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.